Achintha Dahanayake Achintha Dahanayake

ගැලපෙන FILM කැමරාවක්

It all begins with an idea.

තරුණ පිරිස අතර Film Photography ආයෙත් ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් යනව. මේක හොඳ ප්‍රවනතාවක්. Film එකක් Expose කරද්දි, Develop කරද්දි එන එක්සයිට්මන්ට් එක අපිට Digital Photography වලදි ලැබෙන්නෙ නෑ. මගේ යෝජනාව, විනෝදාංශයක් විදියට හරි මේක කරල බලන්න. ඒක ඔයාලගෙ Digital Photography වලටත් ලොකු උදව්වක් වෙයි. මොකද Film Photography වල තියන Slow, Hands On Process එක නිසාම, නිර්මාණයක් බිහි කරනව කියන ෆීලින් එක අපිට එනව. ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේක කොටස් කීපයකින් යුතු ලිපි මාලාවක පලවෙනි එක. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ Film Photography පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට තමන්ගෙ පලවෙනි ෆිල්ම් කැමරාව තෝර ගන්න උදව්වක් වෙන්න. ලෝකෙ විවිධ වර්ගයේ Film Camera තියනව. පහලින් මම කෙටියෙන් කැමරා වර්ග ගැන කෙටි විස්තරයක් කරන්නම්. (මේ ලිපියෙන් ලෝකෙ තියන සියලුම ෆිල්ම් කැමරා ගැන ආවරණය කිරීමක් නොවන බවත්, මීට වසර කිහිපයකට පෙර විනෝදාංශයක් ලෙස මම පටන් ගත්ත දේ සමග මා ස්වයං අධ්‍යනයකින් ලබාගත් දැනුම මේ ෆීල්ඩ් එකට එන්න කැම්ති කෙනෙකුට පහසුවක් වේයැයි උපකල්පනයෙන් ලියා තැබීමක් පමණි )


Film කැමරා වර්ග

පොයින්ට් ඇන්ඩ් ශූට් කැමරා

IMG_20201001_000809-01.jpg

නූතන Point and Shoot ඩිජිටල් කැමරාවට පදනම ගොඩ නැගෙන්නෙත්  Point and Shoot ෆිල්ම් කැමරාව පාදක කරගෙන. මේකෙ ක්‍රියාකාරිත්වය සහ හැසිරවීම හරිම සරලයි. මේ කැමරා වල තියෙන්නෙ Fix ලෙන්ස් එකක් සහ බොහෝ අවස්තා වල Fix ෆෝකල් ලෙන්ත් එකක්. (Zoom ලෙන්ස් තියන Point and Shoot Film කැමරාත් තියනව )

ප්‍රධාන වශයෙන් Point and Shoot කැමරා වර්ග තුනක් තියනව


1. ඩිස්පෝසබල් ෆිල්ම් කැමරා (Disposable Film Camera)

Photo Credit bady abbas (Unsplash.com)

Photo Credit bady abbas (Unsplash.com)

මේ කැමරා වල Film එක Load කරල පිටතින් සීල් කරල තමයි එන්නෙ. එක වරක් පාවිච්චි කලාට පස්සෙ ආයෙත් පාවිච්චි කරන්න බැහැ. අදාල Frames ගාන Expose කලාට පස්සෙ කැමරාව පිටින්ම ලැබ් එකට දීල ඩිවලප් කර ගන්න ඕන. කැමරාව නැවත භාවිතා කරන්න බැහැ. (යම් තාක්ෂණික දැනුමක් තියන කෙනෙක්ට Disposable කැමරාවක් නැවත ලෝඩ් කරගන්න පුලුවන්. ඒකට අදාල උපදෙස් වීඩියෝ YouTube එකෙන් හොයා ගන්න පුලුවන්)


2. සාමාන්‍ය පොයින්ට් ඇන්ඩ් ශූට් කැමරා (Normal Point and Shoot Camera)

31948705_10216538361274956_4375907565305856000_o.jpg

මේ කැමරා නැවත භාවිතා කරන්න පුලුවන්. Fix ඇපචර් එකක් සහ Focus Free ලෙන්ස් එකක් තමයි තියෙන්නෙ. අපිට Manual Settings වෙනස් කර ගන්න බැහැ. ප්ලාස්ටික් ලෙන්ස් එකක් තමයි බොහෝ අවස්තා වල භාවිතා වෙන්නෙ. චායාරූපකරණය ගැන දැනුමක් නැති අයට, එදිනෙදා භාවිතයට වෙළදපලට ආපු Consumer Grade කැමරා එකක්. ගොඩක් අයගෙ ගෙවල් වල තියන පරණ ෆොටෝ ඇල්බම් එකක් පෙරලල බලන්න. ඒ තියන චායාරූප බොහොමයක් මේ වර්ගයේ කැමරාවකින් ගත්ත ඒව වෙන්න පුලුවන් (බොහෝ විට). ඒ ෆොටෝ වල තියන පරණ ගතියට, Nostalgia Feeling එකට කැමති, චායාරූපකරණය විනෝදයක් විදියට කරන, ඒ ගැන සීරියස් නැති කෙනෙක්ට මේ වර්ගයේ කැමරාවක් යූස් කරන්න රෙකමන්ඩ් කරන්න පුලුවන්

© Achintha Dahanayake | Canon Prima BF-80 | Kodak Ektar 100

© Achintha Dahanayake | Canon Prima BF-80 | Kodak Ektar 100


3.ඇඩ්වාන්ස් පොයින්ට් ඇන්ඩ් ශූට් කැමරා (Advance Point and Shoot Camera)

Photo Credit Isaac Ibbott (Unsplash.com)

Photo Credit Isaac Ibbott (Unsplash.com)

මේ මාදිලි වල වෙනස් වෙන ඇපචර් එකක්, Advance Auto Focus සිස්ටම එකක් සහ High Quality Lens එකක් තියනව. සමහර මාදිලි වල සූම් ලෙන්ස් එකක් භාවිතා වුනා. චායාරූප ශිල්පියාට අවශ්‍ය විදියට Settings වෙනස් කර ගන්න පුලුවන් Manual Mode එකක් තියන Advance Point and Shoot කැමරාත් හොයා ගන්න පුලුවන්. Film Photography පටන් ගන්න කෙනෙක්ට ඉතාම සුදුසුයි. නමුත් වර්තමාන්යේ මේ මදිලියේ කැමරා වල මිල ග්ණන් සැලකිය යුතු ලෙස ඉහලයි.

© Achintha Dahanayake | Minolta Riva Zoom | Kodak Color Plus 200

© Achintha Dahanayake | Minolta Riva Zoom | Kodak Color Plus 200

My Recommendations (Not in any particular order)

  • OLYMPUS Superzoom 70G

  • Olympus Trip 300

  • Canon Sure Shot TELE Max

  • Nikon Zoom 300AF

  • Fujifilm DL-1000

  • Canon AF35ML

  • OLYMPUS AF-1

  • Fuji Cardia Travel MINI

  • Olympus AF-10

  • Olympus XA2

  • Contax T/T2 (ඉතාම මිල අධිකයි)

  • Contax TVS (ඉතාම මිල අධිකයි)

  • Contax G1/G2 (ඉතාම මිල අධිකයි)


සින්ගල් ලෙන්ස් රිෆ්ලෙක්ට් (SLR)

30171011_10216313866862736_8958425348286553158_o1.jpg

නූතන DSLR එකක දියුණු තාක්ශණික හැකියාවන් හැරුණු කොට DSLR එකක සහ SLR එකක මූලික ක්‍රියාකාරිත්වය සමානයි. මූලිකම වෙනසකට තියෙන්නෙ SLR කැමරා වල ඉමේජ් සෙන්සර් එකක් වෙනුවට භාවිත වෙන්නෙ ෆිල්ම් රීල් එකක්. අනෙක් මූලික තාක්ශණික කාරණා සමානයි. DSLR කැමරාවක වගේම SLR කැමරාව තුලත් Mirror එකක් සහ Pentaprism එකක් තියනව. චායාරූප ගන්න Lens එකයි, View කරන Lens එකයි දෙකම එක Lens එකෙන් සිද්ද වෙන්නෙ. ශටර් එක ක්ලික් කරන වෙලවට Mirror එක ඉවත් වී ෆිල්ම් රීල් එක නිරාවරණය වීමක් වෙනව. DSLR එකක් යූස් කරපු/කරන කෙනෙක්ට මේ වර්ගයේ කැමරා වල ක්‍රියාකාරිත්වය අමුත්තක් නෙමෙයි. Film Photography පටන් ගන්න කෙනෙක්ට ඉතාම සුදුසුයි. බාවිතය ඉතාම පහසුයි. විවිධ මිල ගණන් යටතේ ඉහල ගුණත්වයකින් යුතු SLR කැමරා, ජපන් වෙළඳපලෙන් සොයා ගන්න පුලුවන්. මගේ අත්දැකීමනම්, ලංකාවෙ මාකට් එකෙත් ඉඳ හිට මෙවැනි කැමරා දකින්න තියනව. ඒත් ඒ කැමරා වල Condition ඉතාම කණගාටු දායක තත්වයක තමයි තියෙන්නෙ. (නිවැරදි පරෙස්සමක් හා නඩත්තුවක් නොමැති වීම නිසා)

My Recommendations (Not in any particular order)

  • Nikon F-801

  • Nikon F100

  • Nikon FM 10

  • Nikon FM2N (මිල අධිකයි)

  • Nikon FE

  • Nikon F5 (මිල අධිකයි)

  • Nikon F6 (ඉහල ඉල්ලුමක් ඇත.ඉතාම මිල අධිකයි. 2020 ඔකොතෝබර් මාසෙ වෙනකන් මේ කැමරාව Nikon සමාගමෙන් නිශ්පාදනය කර වෙළඳපලට නිකුත් කලා)

  • Canon EOS Kiss

  • Canon A-1

  • Canon EOS 7

  • Canon FTB

  • Canon AE-1

  • Canon EOS-1

  • Canon EOS-1V

  • Pentax K1000

  • Pentax MV-1

  • Asahi Pentax SPOTMATIC


රේන්ජ් ෆයින්ඩර් කැමරා (Rangefinder Camera)

Photo Credit Simon Woehrer (Unsplash.com)

Photo Credit Simon Woehrer (Unsplash.com)

ක්‍රියාකාරිත්වය අතින් Rangefinder කැමරාවක් SLR කැමරාවකට වඩා වෙනස්. Rangefinder එකක ඇතුලෙ Mirror එකක් භාවිතා වෙන්නෙ නෑ. චායාරූප ගන්න ලෙන්ස් එක සහ Viewfinder එක, එකිනෙකට සම්බන්ධතාවයක් නැහැ. මුල්ම අවදියේ Rangefinder වල Focus කිරීම තනිකරම තීරණය උනේ චායාරූප ශිල්පියාගේ දක්ශතාව මත. මොකද චායාරූපගත කරන වස්තුවට අදාල දුර අනුමාන කිරීමකින් තමයි ෆෝකස් කරගත්තේ. එහෙම නැත්තන් Zone Focus/Range Focus ක්‍රමයෙන්. Rangefinder ලෙන්ස් එක මත, භාවිතා කරන ඇපෙචර් එකට අදාල Focusing Range එක සටහන් කරල තියනව. පසුකාලීන Rangefinder වලට වෙනම ෆෝකසින් මැකනිසම් එකක් හදුන්වා දුන්න. විවි ෆයින්ඩර් එකෙන් බැලුවම එකම රූපය රූප දෙකක් විදියට තමයි පේන්නෙ. ලෙන්ස් එකේ ෆෝකස් රින්ග් එක කැරකවීම මගින් මේ රූප දෙක Align කර ගැනීමෙන් ෆෝකස් එකේ නිවැරදි බව තහවුරු කර ගන්න පුලුවන්. නිවැරදිව තේරුම් ගත්තොත්, ෆෝකස් කිරීමට ඉතාම පහසුම ක්‍රමය රේන්ජ් ෆයින්ඩර් ක්‍රමය කියල තමයි හැදින්වෙන්නෙ. Street Photography, Documentary Photography කරන අය අතර මේ වර්ගයේ කැමරා ඉතාම ජනප්‍රියයි. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට සුදුසුයි නමුත් මුලින් ඉතාම සංකීර්ණයි. (මේ රේන්ජ් ෆයින්ඩර් කැමරා ගැන ඉතාම කෙටි පැහැදිලි කිරීමක් පමණයි.)\

Yashica Electro 35

  • Canon Model 7 Rangefinder

  • Canon Canonet QL17

  • Nikon S3

  • Leica MP (ඉතාමත්ම මිල අධිකයි)

  • Leica M3/M5 (ඉතාමත්ම මිල අධිකයි)


මීඩියම් ෆෝමැට් කැමරා Medium Format Camera

57598421_10219587234134872_4373995725038551040_n.jpg

වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර භාවිතා වෙච්ච කැමරා මාදිලියක්. මේකෙදි භාවිතා උනේ 120/220 ෆිල්ම් රීල්ස්. විවිධ වෙළඳ නාම වලින් විවිධ Ratio වල Medium Format කැමරා වෙලදපලේ තියනව. උදා. 6×6/6×4.5/6×7/6×9/6×17 (පැනොරාමා). වර්තමානයේ Portrait, Landscape Photography කරන අය අතර මේ මීඩියම් ෆෝමැට් කැමරා අතිශය ජනප්‍රියයි. ඒ වගේම මිලෙන් ඉතා ඉහලයි. සීරියස් Landscape Photographer කෙනෙක්ට ඉතාම සුදුසුයි. ලෝකයේ තියන Iconic කැමරා මාදිලියක් වන TLR කැමරා එකත් Medium Format කැමරා එකක්. TLR එක 6×6 Ratio එකේ කැමරා එකක්. Street Photography, Documentary Photography වගේ දේකට මේ මාදිලියේ කැමරාවක් ගැලපෙන්නෙ නෑ. කරන්න බැරි කමක් නැහැ, ඒත් Photography, Documentary Photography වගේ ක්ෂණිකව ක්‍රියා කරන්න ඕන අවස්තාවකට මේ මාදිලියේ කැමරා හැසිරවීම අපහසුයි සහ වියදම අධිකයි (මේ Medium Format කැමරා ගැන ඉතාම කෙටි පැහැදිලි කිරීමක් පමණයි. වැඩි විස්තර පසු ලිපියකින් ලියන්නම් )

My Recommendations (Not in any particular order)
මෙම මාදිලි වල මිල සැලකියයුතු ලෙස ඉහලයි

  • Mamiya C33 / C330 / C220

  • Mamiya 645/ RB67 / RZ67

  • Mamiya 6

  • yashica mat 124g

  • Rolleiflex TLR (ඉතාම මිල අධිකයි)

  • Pentax 645 / 67

  • Fujifilm GA645 / GW690

  • Contax 645 (ඉතාමත්ම මිල අධිකයි)


ලාජ් ෆෝමැට් කැමරා (විව් කැමරා/ෆීල්ඩ් කැමරා)
Large Format Camera (View Camera/ Field Camera)

Photo Credit Rodrigo Soares (Unsplash.com)

Photo Credit Rodrigo Soares (Unsplash.com)

View Camera / Field Camera, ප්‍රමාණයෙන් විශාල, සම්පූර්ණම මැනුවල් ප්‍රොසෙස් එකක් තියන, බෙලෝ ෆෝකසින් සිස්ටම් එකක් තියන කැමරා විශේෂයක්. මේ කැමරා වලට භාවිතා වෙන්නෙ ප්‍රමාණයෙන් විශාල ෆිල්ම්ස්. උදා. 4x5in, 5X7in, 8X10in, 11X14in Films. Large Format කැමරා එකකින් එන කොලිටි එක මැච් කරන්න පුලුවන් ඩිජිටල් කැමරාවක් ලෝකයේ තාම නිපදවල නෑ. ලෝකයේ ප්‍රසිද්ධ වෘත්තීය Landscape ඡායාරූප ශිල්පීන් මෙම වර්ගයේ කැමරා තවමත් භාවිතා කිරීමට ඒක හෙතුවක්. මේ කැමරා වල Focus කරන්න, Compose කරන්න භාවිතා කරන්නෙ Ground Glass එකක්. මේ Ground Glass එකට රූපය පතිත වෙන්නෙ Mirror වෙලා සහ අංශක 180ක ආනතියකින්. මේ කැමරා වලටම තියන විෂේශම ලක්ෂණයක් වන Front Tilt/Shift and Back Tilt/Shift නිසා Architectural Photography වල Perspective distortion ඉතා පහසුවෙන් නැති කර ගන්න පුලුවන්. ඒ වගේම එම පහසුකම නිසාම Landscape Photography වලදි, ඉතාම ආසන්නයේ සිට අනන්තය දක්වාම ඉතාම තියුණු Focus එකක් ලබා ගන්න පුලුවන්. ස්ටූඩියෝ තුල භාවිතා වෙච්ච මොනෝරේල් කැමරා අයිති වෙන්නෙ විව් කැමරා ගණයට. ලෝකයේ නිපදවෙච්ච විව් කැමරා, ෆීල්ඩ් කැමරා වර්ග විශාල ප්‍රමාණයක් තියනව. අලුතෙන් ෆිල්ම් ෆොටෝග්‍රපි පටන් ගන්න කෙනෙක්ට මේක ඉතාම සංකීර්ණ වැඩියි.

Intrepid

  • chamonix (මිල අධිකයි)

  • Tachihara (ඉතාමත්ම මිල අධිකයි)

  • Toyo (ඉතාමත්ම මිල අධිකයි)

  • Wista (ඉතාමත්ම මිල අධිකයි)

  • Ebony (ඉතාමත්ම මිල අධිකයි)


පොලරොයිඩ් කැමරා Instant Camera

Photo Credit Denise Jans (Unsplash.com)

Photo Credit Denise Jans (Unsplash.com)

Digital Photography තාක්ෂණය බිහිවෙන්න කලින්, ගන්න ඡායාරූපය එවෙලේම බලා ගන්න තිබ්බ ක්‍රමයක් තමයි මේ Polaroid කැමරා. (Polaroid කියන්නෙ මේ කැමරා වර්ගය නිපදවපු සමාගමේ නම) මෙකෙදි ප්‍රින්ට් ෆිල්ම් එකක් තමයි භාවිතා වෙන්නෙ. ගන්න ඡායාරූපය එම ප්‍රින්ට් ෆිල්ම් එක තුලම තියන කෙමිකල් ලේයර් එකකින් ක්ෂණිකව ඩිවලප් වෙන විදියට තමයි මේ කැමරා සහ ෆිල්ම් හදල තියෙන්නෙ. මේ ක්‍රමයේදී විනාඩි කිහිපයක් ඇතුලත ගන්න ඡායාරූපය බලා ගන්න පුලුවන්. වර්තමානයේ විශාල ලෙස ජනප්‍රිය වෙච්ච ෆුජි ඉන්ස්ටැක්ස් කැමරා වල භාවිත වන්නෙත් මේ ක්‍රමයම තමයි.

fuji-instax.jpg

සැලකිය යුතු
Ebay වගේ තැනකින් කැමරා ඕඩර් කරනවනම්, පුලුවන් තරම් Japan සෙලර් කෙනෙක්ගෙන්ම ගන්න උත්සහ කරන්න.

Read More