10 TIPS FOR BETTER MOBILE PHOTOGRAPHY
Modern smartphones come with a very powerful digital camera. If use that camera right, you can become a good photographer. Let me give you 10 tips for becoming a good mobile photographer
Nowadays, almost everyone has a very powerful camera in their pockets, the smartphone you carry everywhere you go. You may have a specific brand you prefer over the others. Still, almost all modern smartphones come with an extremely capable digital camera. If you use it right, you can become a good photographer. You just have to follow some basic rules. These aren't actually rules; these are sets of guidelines you can follow to level up the quality of your photos. And these steps aren't even hard to follow or remember. Let me give you a few tips to follow.
1. USE THE RULE OF THIRD
You might have heard this before. This rule is the most commonly used rule for composing eye-pleasing photographs. Basically what it means you have to place your subject off the center of the frame. Let me explain. First, you have to divide your frame into thirds, vertically and horizontally (two vertical lines and two horizontal lines), so you will have nine squares. Then place your subject on one of the four intersection points as shown in the below examples.
Now it's even easier to compose using the rule of thirds because almost every smartphone camera app comes with a feature called "Grid Lines." You can easily turn it on in the camera app settings. If it's not turned on by default you can easily turn it on in the settings. (In my camera settings, it is mentioned as "Assistive grid" (above example), once turned on, you will have the rule of the third guide next time you shoot. When you are following this rule, it shouldn't have to be precise. Just don't place your subject right in the middle of the frame. Place it in the off-center. (You can break this rule and put the subject in the dead center of the frame and still capture a beautiful photograph. But learn the rule first, and then you can break the rule like a pro)
2. KEEP THE HORIZON LINE STRAIGHT
This tilted horizon is one of the most commonly ignored mistakes I've seen among amateur photographers. Unless you have a reason supporting your story, always keep your horizon straight and leveled. Crooked horizons and badly aligned lines create undesirable results. Tilting the horizon intentionally to create an interesting composition is OK, but not paying attention to the tilted horizon line is bad practice. So next time you point your camera toward something, pay attention to the horizon line and ensure it's straight. To make this easier, use the built-in level indicator in your camera app.
3. TRY TO KEEP THE FRAME SIMPLE AND MINIMAL
There is a saying, "Less is more." Next time, Instead of including as much as possible in the frame, try to include as little as possible. We see hundreds of thousands of photographs on social media platforms. They are filled with texts, ads, colors, and many other distracting things. A minimally composed photograph is like a breath of fresh air in that cluttered mess. Also, when we browse through social media and see a very minimally composed photograph, It kind of forces us to stop and look. It helps to take the viewer's attention.
4. EXPERIMENT WITH DIFFERENT CAMERA POSITIONS
Another common mistake amateur photographers make when composing a photo is, composing at eye level, every time. If you want to be a good photographer, you have to break this habit and experiment with different camera positions. When composing at eye level, you end up with a boring-looking photograph that feels like you have seen it before. It doesn't have that wow factor you want. It’s because we mostly experience the world through our eyes. At our eye levels. Try changing your camera position. Instead of standing and taking the shot, try lowering the camera position or higher. Try to shoot from an unusual angle that people are not experiencing or seeing every day.
5. USE LAYERS WITHIN THE FRAME
We see the world in 3d, but the photographs are in 2D (two-dimensional). Showing a 3d subject on a 2d platform is tricky, but it creates an interesting result when done right. To create a sense of depth in a 2d platform, you must create a clear separation between the foreground, midground, and background and place your subject accordingly. This method can’t be applied to all situations. It depends on the situation and subject you are capturing. But figuring out the layers within the scene you are capturing is a good compositional habit. This practice will help you to become a better photographer and stand out from the rest.
6. DON'T OVER-PROCESS / EDIT YOUR PHOTOS
Different smartphones have different algorithms to process their images. As soon as you press the shutter button, those algorithms kick in and start processing your photo. (this process happens within milliseconds, thanks to modern processors and software) so you already end up with a heavily processed photograph with various filters applied. So you must be very careful when editing your photos using different filters. Daily I see pictures with pumped-up saturation and contrast to the extreme. You have to be mindful when editing your photos. As for me, I normally dial down the saturation.
7. SLOW DOWN, AND PAY ATTENTION TO THE LINES, PATTERNS, AND TEXTURES AROUND YOU
There are so many interesting subjects around us that we normally miss or ignore. We often miss those because they are not so very obvious subject matters we like to photograph. But if we slow down and look closely, we will find these interesting lines, patterns, and textures everywhere.
8. CAPTURE EMOTIONS AND TRY TO TELL A STORY
Several factors determine whether a particular photograph is good or not. e.g., composition, lighting, colors, timing, etc., but the key factor is its story. The main sign of a good photograph is its ability to evoke emotions in viewers. That's very important. People are very attached to emotions. As a photographer, your ability to capture and evoke those emotions with your photographs is the main reason you can stand out from the rest.
9. HAVE FUN AND EXPERIMENT WITH DIFFERENT CAMERA APPS
There are excellent and fun camera apps out there. Don't just stick to the same default camera app. Download some third-party apps and experiment with those. Mobile photography shouldn't be a very serious thing. Not only mobile photography, but any form of photography also shouldn't always have to be serious. From time to time, you can forget the seriousness and have fun with it. I've been using this "1998 cam" app for some time now, and it's an enjoyable experience. It gives you the feel of an analog camera which is fantastic. There are several other apps that you can download and use for free. Have fun.
10. GET FEEDBACK
Are you the type who takes photos and then forgets about them? Don’t let those fantastic photographs sit on your phone or memory card. There are a lot of Facebook groups and pages which are dedicated to photography discussions and showcasing the photography works of their members. Join those pages and Post your photographs there. Not only post but also ask for feedback as well. A lot of members will happily provide you with feedback and constructive criticisms. Also, create your own Facebook / Instagram page and start posting. You don't need millions of followers but the right followers who support your work. The other thing you can do is print those photos. Nothing feels better than having a physical copy of your photographs. It feels special.
Thank you for reading. Share this with friends. Will meet you soon with another blog post. Till then, keep shooting. To follow me on social media, click on the bellow links.
Mobile Photography කරන්න කැමති අයට Tips 10 ක්
මීට අවුරුදු 10ට 15ට කලින් වෙනකන් කැමරාවක් කියන්නෙ අපේ රටේදි සුකෝපභෝගී භාණ්ඩයක්. Film Camera පාවිච්චි කරපු කාලෙ උනත්, Digital Camera ආපු මුල් කාලෙ උනත් තත්වය ඒකම තමයි. හැබැයි මේක ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්ත Mobile Phone එකට කැමරාව Introduce කලාට පස්සෙ. මුලින්ම Camera Mobile Phone එකත් සුකෝපභෝගී භාණ්ඩයක් තමයි, හැබැයි ඒක ඉතාම ඉක්මනින් වෙනස් වෙලා, Mobile Phone එක බහුතරයක් අතේ ගැවසෙන භාණ්ඩයක් උනා. මේ වෙද්දිනම් Smartphone එකක් Use නොකරන කෙනෙක් නැති තරම්. තව දෙයක් තමයි දැන් බහුතරයක් අතේ තියන මේ කැමරාව ප්‍රාථමික කැමරාවකුත් නෙමෙයි. ඉතාම ඉහල ගනයේ කැමරාවක්. වැදගත්ම කාරනේ තමයි මේ කැමරාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියන එක. මේ වෙද්දි ෆොටෝස් මිලියන ගානක් දවසකට අන්තර්ජාලයට එක් වෙනව. මම මේ ලිපියෙන් කතා කරන්නෙ ඡායාරූප ශිල්පියෙක් නොවන කෙනෙක්ට, ඒ ගැන හැදෑරීමක් නැති කෙනෙක්ට, එහෙම දවසකට අන්තර්ජාලයට එකතු වෙන ෆොටෝ අතරින් පොඩ්ඩක් වෙනස් වෙලා පේන්න, පොඩ්ඩක් Stand Out වෙන්න Photo එකක් ගන්නෙ කොහොමද කියන එක ගැන. ඒකට උදව් වෙන කාරනා කීපයක් මම කියන්නම්.
1. Rule Of Third භාවිතා කරන්න
Rule Of Third කිව්වම නොදන්නව උනාට ඔයාල මේක දන්නව. ඔයාලගෙ කැමරා App එක ඔන් කරාම කොටු නමයක ග්‍රිඩ් එකක් පෙන්නනව නේද? Rule Of Third ක්‍රමේට ඔයාගෙ Composition එක Set කර ගන්න තමයි ඒ පහසුකම App එකෙන් Default දීල තියෙන්නෙ. ඔයාලගෙ App එකේ එහෙම Lines ටික පෙන්නන්නෙ නැත්තන් Settings වලට ගිහිල්ල "Grid Lines” On කර ගන්න. තේරෙන සිංහලෙන් කිව්වොත්, Rule Of Third කියන්නෙ, ඔයාගෙ Photo එකේ Main Subject එක Off Center තියන්න කියන එක. ඉන්න, මම පහදන්නම්. ඔයාගෙ Frame එක දිග පැත්තටත්, පළල පැත්තටත්, සමාන කොටස් තුනකට බෙදන්න. එහෙම බෙදල ඒ Line Cross වෙන තැන ඔයා Capture කරන්න බලාපොරොත්තු වෙන Main Subject එක Place කරන්න. මේක Rule Of Third කිව්වට Rule එකක් නෙමෙයි. Photo එකක් ඇහැට ප්‍රිය වෙන්න ගන්න ලේසි වෙන්න තියන Guide එකක් විතරයි. ඔයා Photography වලට නවකයෙ නිසා, මේ Guideline එක Follow කරන්න.ටිකක් Photography ගැන පලපුරුද්ද එද්දි, Composition ගැන දැනුමක් එද්දි ඔය Rule එක Break කරමු.
2. පුලුවන් තරම් Frame එක Simple & Minimal තියා ගන්න
Composition එකක් Simple වෙන තරමට ඇහැට ප්‍රියයි. දවසකට දකින දහස් ගාණක් Photo වලින් වෙනස් වෙලා පේන්න, කලබල ෆෝටෝ ගොඩක් අස්සෙ Stand Out වෙන්න හොඳම ක්‍රමයක් තමයි Minimal, Simple Composition එකක් Use කරන එක. තව දෙයක් තමයි, ඔයා Minimal Photos ගන්න පටන් ගත්තට පස්සෙ ඔයා මෙච්චර කල් ගත්ත Photos වලට වඩා ලොකු වෙනසක් තේරෙයි. ඒක ඔයාට ඉස්සරහට Composition පුරුදු වෙන්න ලොකු උදව්වක් වෙයි, මොකද Minimal Composition එකක් තෝරගනිද්දි ඔයා ගොඩක් කල්පනා කරන්න ඕන Frame එක ඇතුලට එන්නෙ මොනාද නැත්තෙ මොනාද කියල. ඒක Composition ඉගෙන ගනිද්දි Practice කරන්න හොඳ පුරුද්දක්.
3. Photo ගන්න Camera Position එක වෙනස් කරන්න
කට වචෙනට අපි කියනව Camera Angle එක වෙනස් කරන්න කියල. ඒත් මේකට හරිම වචනෙ තමයි Camera Position එක වෙනස් කරන්න කියන එක. බොහෝ දෙනෙක් Phone එකෙන් Photo එකක් ගන්න වෙලාවට කරන්නෙ හිටගෙන තමන්ගෙ ඇස් මට්ටමින් ම (Eye Level) Photo එක ගන්න එක. එහෙම නොකර ඔයාගෙ Camera Position එක වෙනස් කරන්න. ඒ කියන්නෙ ඔයා Photo ගන්න Subject එකට සාපේක්ශව Low Camera Position එකක් හරි High Camera Position එකක් හරි යූස් කරන්න. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ලෝකය දකින්නෙ තමන්ගෙ ඇස් මට්ටමමින්. ඉතින් අපි ගන්න Photo එකත් ඒ ලෙවල් එකෙන්ම ආවොත් ඒකෙ වෙනසක් තේරෙන්නෙ නෑ. ඒක නිසා ඔයා Photo එකක් Compose කරද්දි ඇස් මට්ටමට වඩා වෙනස් Position එකක් යූස් කරන්න. ඒක වෙනම රූපමය අත්දැකීමක් වෙයි ඔයාලට. Try කරල බලන්න.
4. Photo එක ඇතුලෙ Layers Use කරන්න
මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ තේරෙයි. හැබැයි මේක එච්චර තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. Photo එකක තියන සීමාවක් තමයි Photo එකක් හැම වෙලාවෙම ද්විමානයි. (Two Dimensional). මේක නැති කර ගන්න පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තමයි Photo එක ඇතුලෙ Layers විදියට වස්තු සංවිධානය කරන එක. ඔයා Photography ගැන හැදෑරීමක් කරල නැති නිසා මේ ගැන ලොකුවට ඔලුව කරදර කර ගන්න ඕන නෑ, බලන කෙනෙක්ට Foreground, Midground සහ Background එකේ වෙනස, පරතරයක් සහිතව අඳුර ගන්න පුලුවන් වෙන්න Compose කරන්න, එහෙම නැත්තන් Frame එක සෙට් කරන්න. තව Light and Shadows, Depth Of Field එක වගේ දේවල් Use කරල මේක තවත් Improve කර ගන්න පුලුවන්. ඒක දැන්ම හිතන්න යන්න එපා, ඔයාගෙ දැනුම වැඩි වෙද්දි, ටික ටික ඔයාගෙ ෆොටෝ එකට ඒ දේවල් එකතු කරගන්න.
5. පුලුවන් හැම වෙලාවෙම Zoom එක Use නොකර ඉන්න
Zoom Use කරන්න එපා කියන්න හේතු දෙකක් තියනව. එක හේතුවක් තමයි, Smartphone වල Zoom එක එච්චර සාර්ථක නෑ. ඔයාගෙ Phone එකේ Features List එකේ කැමරාවෙ අච්චර Zoom මෙච්චර Zoom තියනව කියල සඳහන් උනත් Practically ඕක Useful නෑ, සාර්තකත් නෑ. බොහෝමයක් Phone වල තත්වය ඕක තමයි. කෙටියෙන්ම කිව්වොත් Zoom කරාම එන්නෙ Sharpness නැති අවලස්සන Photo එකක්. දෙවෙනි හේතුව තමයි, කතාවක් තියනව ඔයා Photo එකක් ගන්න වෙලාවට ඔයාගෙ කකුල් දෙක තමයි හොඳම Zoom එක කියල. (මේක Street Photography කරන අය අතර තියන උපමාවක් විතරයි. හැම අවස්තාවකටම අදාල කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි) ඒක නිසා "පුලුවන්" හැම වෙලාවකම Zoom කරන එක නොකර ඔයා ඉන්න තැන වෙනස් කරල (ඉස්සරහට හෝ පස්සට ගිහින්) Frame එක හදා ගන්න. මේක ඔයාගෙ Composition ගැන තියන දැනුම වැඩිකර ගන්නත් Use කරන්න පුලුවන් Practice එකක්.
6. සීමාව ඉක්මවල Edit කරන්න එපා
Smartphone එකක Default ම Photo එකක් Process වෙලා එන්නෙම Filters ගොඩක් Apply වෙලා. (එක් එක් Phone Brand වල ඒ ඒ Company වලින් Use කරන Image Processing Algorithms ) මම දැකල තියනව බොහෝ දෙනෙක් Photo Editing Apps පාවිච්චි කරල Sharpness, Saturation ඉතාම අධික ලෙස, අනවශ්‍ය ලෙස වැඩි කරනව. එහෙම ඕනවට වඩා Edit කරන එකෙන් වෙන්නෙ Photo එකේ තියන ජීව ගුණය Mood එක, නැතිවෙලා යන එක. මේක කරන්න එපා. පුලුවන් තරම් වර්ණ වෙනස් කරන එක අඩුවෙන්, පරිස්සමින් කරන්න. මමනම් බොහෝ වෙලාවට සැචුරේශන් අඩු කරනව.
7. වටපිටාවෙ තියන Lines, Patterns, Textures ගැන අවධානය යොමු කරන්න.
එදිනෙදා අපිට පේන, ඒත් අපි දකින්නෙ නැති Patterns, Textures අපේ වටපිටාවෙ තියනව. කල්පනාවෙන් බැලුවොත්, හැම තැනකම, හැම දේකම වගේ අපිට මේ Patterns, Textures දැක ගන්න පුලුවන්.. බොහෝමයක් Smartphone වල Macro කැමරාවක් තියනව දැන්. ඒ කැමරාව Use කරල මේ එදිනෙදා දකින්න තියන Patterns ලස්සන විදියකට හසුකර ගන්න උත්සහ කරන්න.
8. Photo එක ඇතුලෙ කතාවක් කියන්න උත්සාහ කරන්න
Photo එකක වටිනාකම වැඩිවෙන්න පුලුවන් කාරනා කීපයක් නිසා. එකක් ඒ Photo එකේ තියන ලස්සන (Visual Beauty එක). අනික් කාරනේ ඒ Photo එක සටහන් වෙච්ච මොහොත (Moment එක). අනික් කාරනේ ඒ Photo එකේ තියන කතාව (Story එක). මේ ලස්සනයි, මොහොතයි කියන කාරනා දෙකටම වඩා මෙන්න මේ "කතාව" ට (Story එකට) වටිනාකමක් තියනව. ඉතින් ඔයා Photo එකක් ගන්න වෙලාවට මේක ගැන පොඩ්ඩක් හිතන්න. හිතන්න ඔයා ගන්න ෆොටෝ එකෙන් ඔයාට මොකක් හරි කතාවක් කියන්න පුලුවන්ද කියල. අන්න ඒ කතාවට ගැලපෙන්න Frame එක ඇතුලෙ වස්තු සංවිධානය කර ගන්න.
9. විවිධ Camera App අත්හදා බලන්න
ඔයාගෙ Phone එකේ තියන Default Camera App එකටම හිර වෙලා ඉන්න එපා. App Store එකේ තව විවිධ Camera App තියනව. ඒව Download කරල Use කරල බලන්න. උදාහරණයක් විදියට කිව්වොත්, 1998 Camera App එක. මේ Camera App එකෙන්, පරණ Analog Camera වල Mood එක එන විදියට Photo ගන්න පුලුවන්. Huji Cam App එකත් ඒ වගේම Similar App එකක්. Download කරල Use කරල බලන්න. Mobile Photography Series ගන්න ඕන නෑ. Have Fun With It..
10. ගන්න Photos Phone එකේම තියා ගෙන ඉන්න එපා
ඔයා ඔහොම ගන්න Photos, Phone එකේම තියගෙන ඉන්න එපා. Photo එකක් විඳින්න පුලුවන් හොඳම විදිය තමයි ඒක Print කරන එක. ඔයා ගන්න, හොඳයි කියල හිතෙන Photos ප්‍රින්ට් කරන්න. පොඩියට හරි කමක් නෑ. ඒක අමුතුම අත්දැකීමක්. තව Facebook එකේ තියනව Mobile Photography වලටම වෙන් වෙච්ච Photography Groups. මේ Group වලට ඔයා ගත්ත Photos Submit කරන්න. ඒ වගේම තව Photo Sharing Websites තියනව (Flickr, Viewbug, YouPic වගේ) ඒ website වලත් දාන්න. තව ඔයාටත් පුලුවන් ඔයාගෙ නමට Facebook Page එකක් හදල ඔයා ගන්න Photos ඒ Page එකෙ දාන්න. දාල යාලුවො එක්ක ශෙයා කර ගන්න. එහෙම වෙනම Page එකක් හදා ගෙන ඒකෙ Photos නිතරම දාන්න. ඒ විදියට දාදිදි ඔයාගෙ Photo Collection එක වැඩි වෙද්දි ඔයාට Photography ගැන ආසාවක් ඇති වෙයි.
ආයෙ මේ වගේ ලිපියකින් හමුවෙමු.
මගේ Instagram එක Follow කරන්න achintha_dahanayake
Facebook Page එක Like කරන්න Achintha Dahanayake Photography
Star Trail ෆොටෝ එකක් ගන්නෙ කොහොමද?
Landscape Photography කරන අය අතර ජනප්‍රියම Category එකක් තමයි Star Trail Photography. ඕනම කෙනෙක්ට මේක Try කරල බලන්න සහ අවසන් ප්‍රතිපලය එක්ක ලොකු තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක්. හැබැයි මේක Landscape Photography හෝ Milky Way Photography වලට වඩා විශාල කාලයක් හා ශ්‍රමයක් වැයවන වැඩක්. හැබැයි ඉවසගෙන කලොත් අවසන් ප්‍රථිපලය හරිම විචිත්‍රවත්. මේකෙ සම්පූර්ණ තාක්ෂණික කාරනා මෙහෙම Blog එකකින් පහදන්න අමාරුයි, නමුත් යම් කෙනෙක්ට Star Trail Photography වලට ප්‍රවිශ්ඨයක් ගන්න මේකෙන් පුලුවන්. අපි මුලින්ම කතා කරමු Star Trail Photography වලට අත්‍යාවශ්‍යම උපකරණ මොනාද කියල.
හදාගත්ත කෝපි ටිකක්, බිස්කට් පැකට් එකක්
DSLR / Mirrorless කැමරාවක්. (High ISO Performance හොඳ කැමරාවක්නම් හොඳයි. හැබැයි එහෙම එකක් නෑ කියල අවුල් වෙන්න ඕන නෑ. ඔයා ගාව තියන කැමරාවෙන් වැඩේ කරමු.)
Tripod එකක්. (කැමරාව හෙලවෙන්නෙ නැතුව තියා ගන්න පුලුවන් ඕනම Tripod එකක් OK.)
Intervalometer එකක් හෝ Shutter Release Cable එකක්. සමහර කැමරා වල Inbuilt Intervalometer එකක් තියනව. ඔයාගෙ කැමරාවෙ Inbuilt ඒ Feature එක නැත්තං External Intervalometer එකක් ගන්න. එහෙමත් නැත්තං Shutter Release Cable එකකිනුත් මේ වැඩේ කරන්න පුලුවන්. ඒක මම මේ ලිපියෙ ඉස්සරහට පැහැදිලි කරන්නම්.
තරු වල පිහිටීම බලාගන්න පුලුවන් App එකක්. මේ සඳහා විවිධ App Download කර ගන්න තියනව. ඔයා යූස් කරන්නෙ Android ද iOS ද කියන එක උඩත් App එක වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඔයාගෙ Device එකට හරියන App එක හොයා ගන්න. උදාහරණයක් විදියට සඳහන් කලොත්, මම යූස් කරන්නෙ Star Walk 2 කියන ඇප් එක.
Extra Battery / Power Bank
Fast Memory Card එකක් (32GB හෝ ඊට වැඩි )
හරි, දැන් ඕන කරන දේවල් ටික ඔක්කොම හරි නේද? එහෙනම් අපි දැන් වැඩේ පටන ගමු. ඒකට මුලින්ම හොඳ Location එකක් හොයා ගමු. ඒකට Light Pollution නැති, එහෙම නැත්තන් Light Pollution එක අඩු Area එකක්නම් ගොඩක් හොඳයි. Town ආශ්රිත ප්‍රදේශ වල Light Pollution වැඩියි, ඒක නිසා Town වලින් ඈතට වෙන්න තියන Location එකක් හොයා ගන්න.
ඊලඟ කාරනේ වෙලාව තෝර ගන්න එක. Star Trail Photography වලදි Milky Way Photography වලදි තරම් වෙලාව Precise වෙන්න ඕන නෑ. Milky Way Photography වලදි Galactic Core එක Horizon එකෙන් උඩට එනකන් ඉන්න වෙනව. Star Trail Photography වලදි එහෙම ඕන නෑ. එකම දේ, අහසෙ හඳ නැති වලාකුලු නැති වෙලාවක් තෝර ගන්න. අමාවක දවසක්නම් වැඩේට නියමයි. එහෙම නැත්තන් Moon Rise එකට කලින් හෝ Moon Set එකට පස්සෙ වෙලාවක් තෝර ගන්න. Moon Rise එක, Moon Set එක බලා ගන්නත් ඕන තරම් App තියනව. උදාහරණෙකට නමක් කිව්වොත් Sun and Moon App එක.
හරි, දැන් ඔයාලට ඕන උපකරණ ටිකත් හරි, Photo එක ගන්න දවසක්, වෙලාවක්, Location එකක් තෝරගෙනත් ඉවරයි නෙ? දැන් අපි Photo එක ගන්න යමු. ඔයාල ලොකේශන් එකට ගිහිල්ල මුලින්ම කරන්න ඕන ලස්සන Composition එකක් තෝර ගන්න එක. කොයි වෙලාවකවත් Photo ගන්න වෙලාවටම ගිහින් කලුවරේ Composition හොයන්න එපා, කලින් ලොකේශන් එකට ගිහින් හෙමින් සැරේ ටයිම් අරන් Composition එක තෝර ගන්න. අන්න ඒකට දැන් ඔයාලට අර දා ගත්ත ඇප් එක ඕන වෙනව. ඇයි ඒ? ඒ තමයි, ඔයාලට ලස්සන Circular Star Trail ෆොටෝ එකක් ඕනනම් ඔයාල ෆේස් කරන්න ඕන Polaris Star එක තියන දිශාවට, එහෙම නැත්තන් North Pole එකට. සිංහලෙන් කිව්වොත් North Star එක තියන පැත්තට. (මේ ක්‍රමය හරියන්නෙ ඔයා Northern Hampshire (උතුරු අර්ධගෝලය) එකේ තියන රටක ඉන්න කෙනෙක්නම් විතරයි. ඔයාල Southern Hampshire (දකුණු අර්ධගෝලය) එකේ ඉන්න කෙනෙක්නම් ඔයාල Face කරන්න ඕන Sigma Octantis තාරකාව, එහෙම නැත්තන් South Star එක තියන පැත්තට. ආසන්නව දකුණු දිශාවට. South Star එක පියවි ඇහෙන් බලා ගන්න බෑ. App එක යූස් කරල South Pole එක ලේසියෙන් හොයා ගන්න පුලුවන්. තව දෙයක්, ඔයාල ඉන්නෙ Equator (සමකය) එකට ඉතා ආසන්නයේ රටකනම්, සම්පූර්ණ Circular Star Trail එකක් කැප්චර් කරන්න බෑ ඔයාලට. මේ ගැන දළ අදහසක් ගන්න පහල තියන Diagram බලන්න.
තව දෙයක්, ඔයාල Composition එක තෝර ගද්දි නිකන්ම නිකන් Star Trail එක විතරක් අහුවෙන විදියට ගන්න එපා. Foreground එක ගැනත් අවධානය යොමු කරන්න. හොඳ Foreground Subject එකක් තෝරල ඔයාගෙ Star Trail එක ඒ Foreground එකට Compliment Element එකක් කර ගන්න. අපේ ප්‍රධාන අරමුණ Star Trail එක උනාට Foreground එකත් ලස්සන උනාම තමයි ෆොටෝ එකේ වටිනාකම වැඩි වෙන්නෙ.
හරි, දැන් ඔයා Composition එකත් තෝරගෙන ඉවරයිනෙ? දැන් තියෙන්නෙ Photo එක ගන්න. Photo එක ගන්න කලින් හිතන්න තව දෙයක් තියනව. ඒ තමයි Focus කර ගන්න එක. Focus කර ගන්න ක්‍රම කීපයක් තියනව.
ආලෝකය තියන දවල් වෙලාවක ඈත තියන Subject එකක් Auto Focus යූස් කරල Focus කරගෙන කැමරාව හෝ ලෙන්ස් එක Manual Focus වලට මාරු කරන්න. (සමහර Camera Brand වල මැනුවල් ෆෝකස් එක එන්නෙ ලෙන්ස් එකේ, ස්මහර Camera Brand වල මැනුවල් ෆෝකස් එක එන්නෙ කැමරා බොඩි එකේ) ඊට පස්සෙ Focus Ring එක හෙලවෙන්නෙ නැති වෙන්න ටේප් එකක් අලව ගන්න. එතකොට කැමරාව බෑග් එකේ තියෙද්දි හෙලවිලා Focus එක වෙනස් වෙන්නෙ නෑ)
Location එකේදිම ඈත තියන දීප්තිමත් එලියකට (විදුලි ආලෝකයකට හෝ දීප්තිමත් තාරකාවකට ) Auto Focus කරල ඊට පස්සෙ කැමරාව හෝ ලෙන්ස් එක Manual Focus වලට මාරු කර ගන්න.
කැමරාවෙ Focus Distance Indicator එක යූස් කරල Infinity එක Focus කර ගන්න. නූතන Mirrorless කැමරා වල මේ පහසුකම තියනව.
ලෙන්ස් එක Manual Focus Mode එකට දාල Infinity Sign (∞) එකට Focus Ring එක කරකවල ෆෝකස් කර ගන්න. සමහර වෙලාවට ලෙන්ස් එකේ Infinity එක මාක් කරල තියන තැනම හරියටම Infinity එක Focus නොවෙන්න ඉඩ තියනව. නමුත් ඒ ආසන්නයේම ඉදිරියට හෝ පසුපසට පොඩ්ඩක් කැරකෙව්වම Infinity එක Focus වෙනව.
මම ඔය ඉහලින් සඳහන් කරපු මොන ක්‍රමයට Focus කර ගත්තත් Test Shots කීපයක් අරගෙන හොඳට Zoom කරල ෆෝකස් එක, Composition එක හරියටම චෙක් කර ගන්න.
හරි, දැන් Focus එක Composition එක හොඳට චෙක් කර ගත්තනෙ? ඊළඟ Step එක කැමරාවෙ අනික් Settings ටික හදා ගන්න එක.
Shutter Speed
Shutter Speed එකට මේක තමයි හරිම අගය කියල අගයක් කියන්න බෑ. හැබැයි ඒක ගැන අදහසක් ගන්න Rule එකක් තියනව. 500 Rule එක. ඒකෙදි කරන්න ඕන ඔයාල පාවිච්චි කරන ලෙන්ස් එකේ Focal Length එකෙන් 500 බෙදුවම එන අගය Shutter Speed එක විදියට යූස් කරන එක.
උදා. 16mm ලෙන්ස් එකක් යූස් කරනව කියල හිතමු. එතකොට 500 බෙදනව 16න්
500/16 = 31.25 (ආසන්න වශයෙන් Shutter Speed එක වෙන්න ඕන 30 Sec)
හැබැයි මේක Full Frame කැමරා වලට තියන Rule එකක්. ඔයා පාවිච්චි කරන්නෙ APS-C කැමරාවක් නම් 500 වෙනුවට 300 ආදේශ කරන්න. M3/4 කැමරාවක්නම් 250 ආදේශ කරන්න.
Aperture
සාමන්‍යයෙන් Milky Way එක Capture කරද්දි Fast ලෙන්ස් එකක් යූස් කරන්න ඕන. ඒ කියන්නෙ f1.4, f1.8, f2.8 වගේ. හැබැයි Star Trail Photography වලදි තියන තරු සේරම Capture කරන්න ඕන නෑ. එතකොට Stack කලාම Cluttered Look එකක් එන්නෙ. Star Trail ලයින් දෙකක් අතර සුලු ගැප් එකක් තිබ්බම ලස්සනයි. ඇහැටත් ප්‍රියයි. මම තේරුම් ගත්ත දෙයක් තමයි f4 ඉතාම Balance අගයක්.
(සැ.යු. ඔයාට Fast Lens එකක් තියනවනම් ඒක ෆුල් ඕපන් කරල ISO අඩු කරලත් මේක බැලන්ස් කර ගන්න පුලුවන්. සරල අදහස, Milky Way වගේ පුලුවන් තරම් ආලෝකය සටහන් කර ගැනීමක් Star Trail Photography වලදි අනවශ්‍යයි )
ISO
මේකටත් නියම සම්මත අගයක් නෑ. Base ISO එක විදියට ISO 800 දාල ෆොටෝ එකක් අරගෙන ක්‍රමානුකූලව අගය වැඩි කරමින් Test Shots කීපයක් අරගෙන Visually ඔයාට සෙට් වෙන ISO අගය තෝර ගන්න.
සැලකිය යුතුයි
මතක ඇතුව කැමරාවෙ High ISO Noise Reduction , Long Exposure Noise Reduction ඔන් කරල තියනවනම්, මතක ඇතුව ඒව Off කර ගන්න. White Balance එක මැනුවල් දා ගන්න. Image Quality එක RAW දා ගන්න. ලෙන්ස් එකේ IS Off කර ගන්න. Photos 200 ට වඩා ගානක් ගන්න හිතනවනම් අමතර Battery එකක් Ready කරල තියා ගන්න, නැත්තන් Power Bank එකක් කැමරාවට Plug කරන්න.
දැන් Settings ටිකත් හරිනෙ නේද? දැන් තියෙන්නෙ ෆොටෝස් ටික ගන්න. Star Trails Photo එකක් ලස්සන වෙන්නනම් අඩුම ගානෙ Photos 200 ක් වත් තියෙන්න ඕන. Photos වැඩි වෙන තරමට Trail Effect එක ලස්සනයි. දැන් ඔක්කොටම කලින් Lens Cap එක තියෙද්දිම ඔයා යූස් කරන Settings වලින් Dark Frame එකක් ගන්න. (ඒ ඇයි කියල මම ඉස්සරහට පැහැදිලි කරන්නම් )
ඊට පස්සෙ Intervalometer එක කැමරාවට Plug කර්ල, එහෙම නැත්තන් Inbuilt Intervalometer එකට ගිහින් ඔයාට ඕන Shots ගාන දෙන්න (මමනම් ගන්නෙ ෆොටෝස් 200යි මොකද මගේ Composition Style එකට ඒ ගාන සාර්තකයි ) Shots දෙකක් අතර Time Gap එක තප්පර 1 ත් 3ත් අතර ගානක් දෙන්න. ඊට වඩා දෙන්න එපා මොකද අන්තිමට Stack කරද්දි Star Trail Lines ලස්සනට Continue වෙන්නෙ නැති වෙනව. ඊට පස්සෙ Shutter Button එක Press කරල Shooting Sequence එක Start කරන්න. ඔයාලට Intervalometer එකක් නැත්තන් ඔයාලගෙ Remote Shutter Release Cable එක Connect කරල කැමරාව Continues Shooting Mode එකට දාල Shutter Release එක Press කරල Lock කරන්න. දැන් ඔයාල කැම් එක Off කරනකන් හරි Shutter Release එක Unlock කරනකන් හරි දිගටම Shoot වෙයි. (මේ විදියට Remote Shutter Release Cable එකක් යූස් කරල Shoot කරද්දි Intervalometer එකක් යූස් කරනව වගේ අපිට ඕන Shots ගාන Shoot වෙලා නතර වෙන්න දෙන්න විදියක් නෑ. හැබැයි, ඔයා දීපු Shutter Speed එකයි Shot දෙකක් අතර Gap එකයි එක්ක ගන්න ඕන Shot ගාන බලල ශොට් 200 ට යන වෙලාව අනුමාන කරන්න පුලුවන්.) දැන් තියෙන්නෙ පැය දෙකක් තුනක් බලන් ඉන්න ගේම. අර ගෙනාපු කෝපි, බිස්කට් ඕන වෙන්නෙ මේ වෙලාවට තමයි. Sit back and relax. Let the camera do its thing.
මේ Shots ටික වදිද්දි ඔයාට Creative වෙන්න පුලුවන්. මේ වෙලාවෙදි Light Painting කරන්න පුලුවන් Foreground එක. Basic Speed Light එකකුයි Color Gel Paper ටිකකුයි යූස් කරල Foreground එක Paint කර ගන්න. (Light Painting කරනවනම් කැමරාවට අංශක 90 කින් Flash කරන්න ) ඊට පස්සෙ ඒ Light Painted Frame එක Final Star Trail Photo එකට Blend කර ගන්න පුලුවන්. එතකොට End Result එක තව ලස්සන වෙයි. (මේක අමතර Step එකක්. ඔයාලට ඒක නොකර ඉන්නත් පුලුවන්)
Editing
ඔයාලගෙ මහන්සියේ ප්‍රථිපල ලැබිලද කියල බලන්නෙ දැන් තමයි. ගත්ත Photos ටික Capture One හෝ Lightroom වගේ RAW Processing Software එකක Open කරගෙන Basic Raw Adjustment කර ගන්න. ඊට පස්සෙ ඒ Photos ටික ඔක්කොම TIFF File විදියට Export කර ගන්න. Light Painting කර ගත්ත Frame එකක් තියනවනම් ඒකත් වෙනම කොපි එකක් දා ගෙන Color Adjustment කරල PSD File එකක් Export කර් ගන්න.
Star Trail එක හදා ගන්න ක්‍රම දෙකක් තියනව. එකක් StarStaX Software එක යූස් කරල Stack කර ගන්න එක, අනික් ක්‍රමය Photoshop වලින් Manually Stack කර ගන්න එක.
StarStaX Software එක යූස් කරල Stack කර ගන්න විදිය
මේක Star Trail Edit කරන්නම එන Free ගන්න තියන Software එකක්. ඉස්සෙල්ලම මේ සයිට් එකෙන් StarStaX – Markus Enzweiler (markus-enzweiler.de) Software එක Download කර ගන්න. මේක Install කරන්න ඕන නෑ. Portable විදියට Use කරන්න පුලුවන්. Software එක Open කරල පහලින් මම පෙන්නල තියන විදියට කර ගන්න.
1. මෙතන Click කරන්න
2. ඔයා Export කර ගත්ත TIFF ෆයිල් ටික ඔක්කොම Select කරල Open කර ගන්න
3. මම මේ Blog එකේ මුලින්ම කිව්ව නේද Lens Cap එක එක්ක Dark Frame එකක් ගන්න කියල? ඔයාගෙ Stars Frame ටික Load උනාට පස්සෙ මෙතන Click කරල අන්න ඒ Dark Frame එක Select කරන්න (Photo එකේ Noise අඩු කරන්න තමයි ඒ Step එක Use කරන්නෙ )
4. දැන් Subtract Dark Images කියන එක Tick කරන්න.
5. ඔයාලට Trail Fade Effect එක ඕනනම් Comet Mode එක Tick කරන්න.
6. දැන් Start Processing කියන එක Click කරන්න. දැන් බලන් ඉන්න Automatically Star Trail එක Stack වෙන විදිය. 👇
7. දැන් Stack වෙච්ච Photo එක TIFF File එකක් විදියට සේව් කර ගන්න. (මතක ඇතුව Save කරද්දි .TIFF Extension එක File Name එක අගට Type කරන්න. නැත්තන් JPG එකක් විදියට තමයි Save වෙන්නෙ )
Photoshop Software එක යූස් කරල Stack කර ගන්න විදිය
1. Photoshop Open කරල File >> Script >> Load Files Into Stack කියන එක තෝරන්න.
2. ඊලඟට Open වෙන Dialog Box එකේ තියන Brows කියන එක Click කරල ඔයා Export කර ගත්ත Star Files ටික සේරම Load කර ගන්න. දැන් OK කරන්න.
3. ඊලඟට Load වෙච්ච ඔක්කොම Layers ටික Select කරල “Lighten” Blending Mode එක තෝරන්න.
4. ඔයාලට Trail Fade Effect එක ඕනනම් මම 4 වෙනි Point එකේ පෙන්නල තියන විදියට Opacity එක ක්‍රමානුකූලව අඩු කරගෙන යන්න.
5. අන්තිමට ඔයාල අර ගත්ත Black Frame එක Open කරල Copy කරල මේ Stack කරපු Photo එක උඩට Paste කරල “Subtract” Blending Mode එක Apply කර ගන්න.
ඊලඟ Step එක විදියට ඔයාල Foreground එක Target කරල ගත්ත Photo එකට මේ Stack කර ගත්ත Star Trail Photo එක Blend කර ගන්න (මේක අමතර Step එකක් සහ හරියටම කරන්න අමතර ලොකු වෙලාවක් යන Process එකක්. ඔයාල අකමැතිනම් මේ Step එක මග අරින්න පුලුවන්.)
මේ විදියට Star Trail Photo එක Foreground Photo එකට Blend කර ගත්තට පස්සෙ ඔයාලට විවිධ Blending Mode මාරු කරල බලන්න පුලුවන්. මම මෙතනදි Foreground එක උඩ Star Trail Photo එක Mask කරල “Screen” Blending Mode එක Use කරල තියෙන්නෙ. අවසාන Step එක විදියට මම මෙතනදි මේ Red වලින් Mark කරල තියෙන Visually Distracting දේවල් ටික මකා ගන්නව සහ Perspective එක Correct කර ගන්නව. (Wide Lens වල එන Distortion එක). යටින් තියෙන්නෙ Color Correct කරල අනවශ්‍ය දේවල් මකා ගෙන Perspective Correct කර ගත්ත Final Photo එක.
Exposure Blending එකක් කර ගන්නෙ කොහොමද කියල මම කලින් වීඩියෝ එකක් දැම්ම. ඒක මේ පහල 👇 Link එකෙන් ගිහිල්ල බලන්න. ඒක බලල Blending එකක් කර ගන්න විදිය ගැන Idea එකක් ගන්න පුලුවන් ඔයාලට.
තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. එතකන් 👇
මගේ Instagram එක Follow කරන්න achintha_dahanayake
Facebook Page එක Like කරන්න Achintha Dahanayake
මගේ YouTube Chanel එක Subscribe කරන්න Achintha Dahanayake
Landscape Photography පටන් ගන්න හොදම කැමරාව මොකද්ද?
Landscape Photography පටන් ගන්න කෙනෙක්ට හොඳම කැමරාව මොකද්ද? මේක නිතරම ඇහෙන සහ අහන ප්‍රශ්නයක්. මේකට හරි උත්තරේ මොකද්ද? මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නෑ, හැබැයි එක් එක් පුද්ගලයාට අදාලව ගැලපෙන උත්තරයක් තියනව. මේකට ප්රවීනයන්ගෙන් බහුලව ලැබෙන උත්තරයක් තියනව. ඒ තමයි මුලින්ම Entry Level හෝ Mid Range කැමරාවක් අරගෙන හොඳට පුරුදු වෙලා පස්සෙ Professional කැමරාවක් ගන්න කියන එක. ඒත් මේක සම්පූර්ණයෙන් එකඟ වෙන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. එක් පාර්ශවයකට අදාලව මේ උත්තරේ හරි,ඒත් සමස්තයටම ගලපන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. ඔයාට මේ ලෝකෙ තියන හොඳම කැමරාවයි, හොඳම ෆිල්ටර් ටිකයි ගන්න සල්ලි තියනවනම්, ඒක අරගෙන පුරුදු වෙන්න. හොඳම කැමරාවෙන් පුරුදු වෙන්න බෑ කියල කොහෙවත් කියල නෑ. Entry Level එකක්ම අරගෙන පුරුදු වෙන්න ඕන කියලත් කොහෙවත් කියල නෑ. ඒක නිසා, මුදල් සහ හැකියාව තියනවනම්, හොඳම බඩු ටික අරගෙන වැඩේ පුරුදු වෙන්න. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. හැබැයි හොඳම කැමරාව අරගෙන පුරුදු වෙන්න කියන එකත් සමස්තයටම ගලපන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. මොකද, ලංකාවෙ බහුතරයකගෙ ආර්තික තත්වය සහ හැකියාව එක්ක, ලක්ෂ 5ක් 6ක් කැමරා බඩු වලට වියදම් කරනව කියන එක ප්‍රායෝගික නෑ. ඉතින් මේ ලිපියෙන් මම කතා කරන්නෙ අන්න ඒ හොඳම කැමරාව ගන්න ආර්තික තත්වයක් නැති නවකයන්ට.
නවකයන් බහුතරයක් අතර තියන මතයක් තමයි, හොඳම ෆොටෝ එකක් ගන්න Full Frame කැමරාවක්ම ඕන කියන එක. මේක මම බොහෝ අවස්තා වල අත්විඳපු, අත්දැකපු දෙයක්. ඉතින් බොහෝ දෙනෙක් කරන්නෙ, එක්කො හොඳම කැමරාවක් ගන්න අවුරුදු ගානක් පෙරුම් පුරන එක, එහෙම නැත්තන් Entry Level කැමරාවක් අරන්, ඒකෙන් හොද ෆොටෝ ගන්න බෑ වගේ මතයක් ඔලුවෙ තියා ගෙන ඒකෙන් ප්‍රයෝජනයක් නොගන්න එක. ඔව්, Entry Level කැමරාවක, Mid Range කැමරාවක සීමා තියනව. ඇත්ත. ඒ තියන සීමාවන් වලින් බොහෝ දෙනෙක් කතා කරන ප්‍රධානම එකක් තමයි Dynamic Range එක. Entry Level කැමරාවක හෝ Mid Range කැමරාවක, Full Frame කැමරාවක තරම් Dynamic Range එකක් නෑ. හැබැයි Practically කතා කලොත්, Correct Exposure එකක් සහිත Landscape ෆොටෝ එකක් ගන්න අපිට කොච්චර Dynamic Range එකක් ඕනද? අපි හරියට Exposure Triangle එක වැඩ කරන විදිය ඉගෙන ගත්තොත්, Entry Level හෝ Mid Range කැමරාවක් බාවිතා කරල, පවතින බොහෝ ආලෝක තත්වයන් යටතේ Correct Exposure එකක් සහිත නිවැරදි ෆොටෝ එකක් ගන්න පුලුවන්. කැමරාවෙ සීමාවන් ඉක්මවා යන ආලෝක තත්වයක් තියන වෙලාවක Bracket කරල ෆොටෝ ගන්න පුරුදු වෙන්න. ඒ වගේම Adobe Photoshop / Affinity Photo වගේ Software එකක් යූස් කරල Exposure Blending කරන විදිය ඉගෙන ගන්න. ඒක ඉතාම සරල දෙයක් වගේම ඔය කියන Dynamic Range එකේ අඩුව නිසා එන ගැටලුවට ඉතාම සාර්තක විසඳුම ඒක. Dynamic Range එක කියන කාරනාව නිසාම Professional Level කැමරාවකට යනවට වඩා ඒක ඉතාම ලාබදායී වැඩක්.
ඊලඟ කාරනාව Resolution, එහෙම නැත්තන් Mega Pixel ගාන. මේකත් බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගන්න තැනක්. ඔයා ෆොටෝ ගන්නෙ Hobby එකක් විදියටනම්, ඔයා ගන්න ෆොටෝස් Instagram, Facebook වගේ Social Media වල Publish කරන එක විතරයිනම් කරන්නෙ, Entry Level කැමරාවක Resolution හොඳටම ඇති. Social Media වල Publish කරන්න විතරක් නෙමෙයි, සැලකිය යුතු විශාලත්වයකින් ප්‍රින්ට් කරන්නත් ඒ Resolution එක හොඳටම ඇති. මම මේ ඉහලින් දාල තියන ෆොටෝ එක ගත්තෙ 2010 මාකට් එකට ආපු 18Mpx Canon EOS 60D කැමරාවකින්. ලෙන්ස් එක 18-135mm Kit ලෙන්ස් එකක්. මේ ෆොටෝ එක UK වල Publish වෙන Digital Photographer Magazine එකේ පිටු දෙකක් පුරාවට Publish උනා. ඉතින් 2010 කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් සඟරාවක පිටු දෙකක් පුරා ප්‍රින්ට් කරන්න Resolution ඇති නම්, දැන් මාකට් එකේ තියන Mpx24-26 වගේ කැමරා වල කොලිටි මදි කියන්න කිසිම තාර්කික හේතුවක් නෑ.
අනික් කාරණය High ISO Performance. ඒකට දෙන්න තියෙන්නෙ මෙහෙම උත්තරයක්. Landscape Photography වලදි සම්මතයක් විදියට යූස් කරන්නෙ කැමරාවෙ යන්න පුලුවන් අඩුම ISO අගය. බොහෝ වෙලාවට Landscape Photography වලදි Exposure එක Control කරන්නෙ Shutter Speed එක සහ Aperture අගය වෙනස් කිරීමෙන්. ඒකෙනුත් 80% අවස්තාවන් වල ඒ කාරණය සිද්ද වෙන්නෙ Shutter Speed එක පමණක් වෙනස් කිරීමෙන්. මොකද ඕනම ලෙන්ස් එකකට ආවේනික Sharp Aperture අගයක් තියනව, ඉතින් බොහෝ අවස්තා වල එම Sharp Aperture එක සහ අඩුම ISO අගය ස්තීරව තියාගෙන පවතින ආලෝක තත්වයට අනුව Shutter Speed එක පමණක් වෙනස් කරමින් ෆොටෝ ගන්න කියන එක තමයි දෙන්න පුලුවන් හොදම උපදේශය. ඉතින්, Landscape Photography වලට මාකට් එකේ තියන හොඳම ISO Performance තියන කැමරාව ඕන නෑ.
තවත් කාරණයක් තමයි ලෙන්ස් එක. හැම වෙලාවෙම නවකයෙක්ට ලබාදෙන්න පුලුවන් හොඳම උපදේශයක් තමයි හොඳ ලෙන්ස් එකකට ඉන්වෙස්ට් කරන්න කියන එක. ඒක පොඩ්ඩක්වත් වැරදි උපදේශයක් නෙමෙයි. ඒත් Professional Level එකක ලෙන්ස් එකක් ඉතාම මිල අධිකයි. ගොඩක් අයට පටන් ගන්න කොටම එහෙම ලෙන්ස් එකකට යන්න ආර්තික හැකියාවක් නෑ. හැබැයි ඒක මානසිකව වැටෙන්න ඕන කාරනාවක් නෙමෙයි. ඔයාලගෙ කැමරාවට එන Kit ලෙන්ස් එකකිනුත් ඉතාම හොඳ ෆොටෝ ගන්න පුලුවන්. බොහෝ දෙනෙක්ට ෆොටෝ එකක් Kit ලෙන්ස් එකකින් ගත්ත එකක්ද Pro ලෙන්ස් එකකින් ගත්ත එකක්ද කියල හිතා ගන්න බෑ. ඒක නිසා පටන් ගැන්මෙදි ඒ කාරණාව ගැන එච්චර වොරි වෙන්න එපා. මම මෙතන දාල තියන හැම ෆොටෝ එකක්ම අරගෙන තියෙන්නෙ Canon 18-135mm Kit ලෙන්ස් එක යූස් කරල. ඉතින් තමන්ගෙ කැමරාවත් එක්ක එන කිට් ලෙන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
Landscape Photography පටන් ගන්න අය, ඔලුව කරදර කර ගන්න තවත් කාරණාවක් තමයි ND Filters, CPL Filters මිලදී ගන්න එක. High End Brand Name එකක Starter Filter Kit එකක් ගන්නත් රුපියල් 100,000/- ට ආසන්න මුදලක් යනව. මේකට විසඳුම මොකක්ද? විසඳුම තමයි, දැන් වෙළඳපලේ ගුණත්වයෙන් ඉහල, මිලෙන් අඩු ND Filters, CPL Filters ගන්න තියනව. (උදාහරණයක් විදියට නම් සඳහන් කලොත්, K&F, Zomei Filters). මම මේ සියලුම ෆොටෝස් අරගෙන තියෙන්නෙ Zomei ND Filters යූස් කරල. ඔව්, මේ ෆිල්ටර්ස් වල යම් Color Cast එකක් එනව. ඒක ඉතා සුළු වෙලාවකින් Post Processing වලදි නිවැරදි කර ගන්න පුලුවන්. වැදගත්ම දේ, තමන්ගෙ ෆිල්ටර් එකේ එන්නෙ මොන වගේ Color Cast එකක්ද කියල දැනගෙන ඉන්න එක. එතකොට ඉතාම ඉක්මනින් ඒ Color Cast එක නිවැරදි කර ගන්න පුලුවන්. ලෝකෙ ජනප්‍රියම Lee Filter එකේ පවා Color Cast එකක් එනව. ඒක නිවැරදි කරන එක අමාරු කාරණාවක් නෙමෙයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අතේ තියන සේරම වියදම් කරල හොඳම කැමරාවක් අරගෙන, Landscape Photography වලට අත්‍යවශ්‍යම අනික් Accessories ටික ගන්න බැරුව වද වෙනවට වඩා, අතේ තියන ගානෙන් Basic Landscape Photography Kit එකක් (Camera, Lens, Tripod and Filters) හදා ගෙන Landscape Photography වලදි Filter යූස් කරන විදිය, Long Exposure Techniques, Bracketing කරන විදිය, Exposure Blending කරන විදිය වගේ Landscape Photography වලදි ඕන වෙන තාක්ෂණික කාරණා හරියට ඉගෙන ගන්න. ඊට පස්සෙ කවද හරි Professional Level කැමරාවක් ගන්න වෙලාව එද්දි, ඔයාට Landscape Photography හොඳට පුලුවන් වෙලා තියෙයි.
මේකෙ සාරාංශය තමයි, Landscape Photography වලට හොඳම කැමරාවක් කියල දෙයක් නෑ, තියෙන්නෙ ඔයාගෙ අතේ තියන ගානට ඔයාට ගන්න පුලුවන් හොඳම තීරණය මොකද්ද කියන එක විතරයි
ඉතින්, හිතන්න.. ආයෙ මේ වගේ ලිපියකින් හමුවෙමු.
ඉහත සඳහන් සියලුම කාරණා Landscape Photography සඳහා පමණක් අදාල වන බව කරුණාවෙන් සලකන්න.
මගේ Instagram එක Follow කරන්න achintha_dahanayake
Facebook Page එක Like කරන්න Achintha Dahanayake
Minimal Landscape ෆොටෝ එකක් ගන්න ක්‍රම 5ක්
ලස්සන Seascape එකක් / Landscape එකක් Compose කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනව.
1. ෆොටෝ එකේ අදහසට, තේමාවට බාධාවක් නොවී, පුලුවන් තරම් එලිමන්ට්ස් Composition එකට ඇතුලු කර ගන්න එක.
2. ෆොටෝ එකේ අදහසට, තේමාවට බාධාවක් නොවී, පුලුවන් තරම් එලිමන්ට්ස් Composition එකෙන් අයින් කරන එක.
මම මෙතනින් තෝර ගන්නෙ දෙවෙනි ක්‍රමය. මම හැම වෙලාවෙම බලන්නෙ පුලුවන් තරම් මගේ Composition එක Minimal කර ගන්න. මම විශ්වාස කරන විදියට ඒ වගේ Minimal කොම්පොසිශන් එකකට පුලුවන් චායාරූපය නරබන කෙනාගෙ මනස සාමකාමී නිස්කලංක Mood එකකට ගෙනියන්න. ඔයාලත් කැමතිනම් Minimal Composition අත්හදා බලන්න, මේ ලිපිය දිගටම කියවන්න. Minimal Composition එකක් කර ගන්න ඕන කරන මූලික කාරනා 5ක් මම කියන්නම්.
01. ලස්සන Scenery එකක් දැක්කම කලබල වෙන්න එපා
ඉන්න මම පහදන්න. අපි ෆොටෝ එකක් ගන්න ලස්සන Location එකකට ගියාම අපි හැම වෙලාවෙම ට්‍රයි කරන්නෙ ඒ සීනරි එකෙන් පුලුවන් තරම් ප්‍රමාණයක් කැප්චර් කර ගන්න. පාට පාට වලාකුලු එක්ක, ඉර බහින වෙලාවක, පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ. කාටද පුලුවන් එහෙම ලස්සනක් ෆොටෝ ගහන්නෙ නැතුව ඉන්න, නේද? මම දන්නව ඒක, මොකද කාලයක් මමත් එහෙමයි. මම සෑහෙන්න ට්‍රයි කලා ඒ ඩිසයර් එකෙන් එලියට එන්න. මම ඔයාලටත් කියන්නෙ, ඒ ඩිසයර් එකෙන් එලියට එන්න ට්‍රයි කරන්න. ආයෙ ඒ වගේ ලොකේශන් එකකට ගියාම, මුලු සීන් එකම කැප්චර් කරන්න යන්නෙ නැතුව, ඒකෙන් පොඩි ඒරියා එකක් තෝර ගන්න. සමහර විට ඒක මුහුදෙ තියන, එහෙම නැත්තන් වෙරළෙ තියන පොඩි කලුගල් කෑල්ලක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් කඳු පන්තියක පොඩි කොටසක් වෙන්න පුලුවන්. ඒ වගේ සිම්පල් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඒක පොටෝ ගහන්න. ඉර බැහැගෙන යද්දි, අහස ලස්සන වෙද්දි හිතෙයි මොන මෝඩ කමක්ද කර ගත්තෙ කියල. ඒක ඉවසගෙන තෝරගත්ත Composition එකේම එල්ලිල ඉන්න.
02. වර්ණ ප්රභේධනය (Color Variation එක ) අඩු වෙන තරමට හොදයි
මම කලින් කිව්ව වගේ, Composition එක Minimal වෙන එක වැදගත් වගේම, වැදගත් වෙන තව දෙයක් තමයි Color Palette එක. හැබැයි මේක අපේ පාලනයේ තියන දෙයකට වඩා සොබාදහම විසින් තීරණය කරන දෙයක්. නමුත් නිවැරදි වේලාවන් තෝරා ගන්න එක අපිට අයිති දෙයක්. චායාරූප ශිල්පීන් විදියට අපි හරිම කැමතියි Sunset/Sunrise එක වර්ණවත් වෙනවනම්. දේදුනු පාට වලාකුලු තියනවනම්. මටත් ඔය අශාව ඔය විදියටම තිබ්බ. ඒත් ක්‍රමයෙන් මම තේරුම් ගත්ත වලාකුලු නැති අහසක් තියන අවස්තාවක හරිම ලස්සන මිනිමල් ඡායාරූප ගැනීමේ හැකියාව තියනව කියන එක. ඒ වගේ වටපිටාවක්, ඡායාරූපයට අමුතුම නිස්කලංක බවක් එකතු කරනව. ඔයාලත් ආයෙ ෆොටෝ එකක් ගන්න ගියාම, හිස් අහසක් තියන වෙලාවක කණගාටු වෙන්න හෝ ෆොටෝ ගැහිල්ල නවත්තල දාල අකුලන් යන්න එපා. දිගටම ෆොටෝ ගන්න. Result එක ගැන ඔයාලටම පුදුම හිතෙයි.
03. දීර්ඝ අනාවරණයක් (Long Shutter Speed ) එකක් යූස් කරන්න.
දීර්ඝ අනාවරණ කාලයක් බාවිතා කරද්දි වතුර මතුපිට හා සුලං වැඩි අවස්තා වල වලාකුලු වල, ලස්සන සිල්කි මටසිලිටු ස්වරූපයක් එනව. Minimal Landscape/Seascape ඡායාරූප ශිල්පීන් අතර, මේක ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වගේම ඉතා සර්ථක ක්‍රමයක්. මේකෙදි වතුර මතුපිට හා වලාකුලු වල ඇතිවෙන මටසිලිටු ස්වභාවය නිසාම ඡායාරූපට අමුතුම සන්සුන් ස්වභාවයක් එක් වනවා වගේම එමගින් ජලයේ හා වලාකුලු වල ඇති Details නැතිවී යාම නිසා කලබල ස්වරූපය නැතිවී ඡායාරූපය Minimal කිරීමට උදව් වෙනව.
04. වයිඩ් ලෙන්ස් එකටම හිර වෙලා ඉන්න එපා.
Landscape Photography කරන අය හරිම කැමතියි Wide Angle, Ultra Wide Angle Lens යූස් කරන්න. එහෙම පුරුදු වුනොත් වෙන්නෙ අගනා ඡායාරූප අවස්තාවන් අපිට මග ඇරිල යන එක. Wide Lens එකෙන් මිදිල Long Focal Length එකක් තියන Lens එකක් යූස් කරල බලන්න. Long Lens එකක් යූස් කලාම අපිට පුලුවන් ෆ්‍රේම් එකට අනවශ්‍ය දේවල් ඉවත් කරල අවශ්‍යම කරන එලිමන්ට්ස් කීපයක් විතරක් ඉතුරු වෙන විදියට Composition එක සෙට් කර ගන්න. හැබැයි Long Focal Length එකක් යූස් කරද්දි Depth of Field එක Compress වෙනව. ඒ ගැන සැලකිලිමත් වෙන්න.
05. ෆොටෝ එක Black & White කරල බලන්න.
Black & White ඡායාරූපකරණය කියන්නෙ ලේසි කටයුත්තක් නෙමෙයි. ඒකට ලොකු හික්මීමක් වගේම ලොකු පුරුද්දක් පුහුණුවක් අවශ්‍යයි. දක්ශ ඡායාරූප ශිල්පියෙක්ට ශටර් එක ක්ලික් කරන්න කලින්ම අවසන් ප්‍රථිපලය උපකල්පනය කරන්න, අනුමාන කරන්න හැකියාවක් තියනව. ඔහුට/ඇයට ඉතාම වර්ණවත් අවස්තාවක් උනත් කලු සුදු ලෙස මනසින් දකින්න හැකියාව තියනව. මම මේ අදහස් කරන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අවලස්සන ඡායාරූපයක් Black & White කලා කියල ඒක හොද ෆොටෝ එකක් වෙන්නෙ නෑ. මම මේ අදහස් කරන්නෙ අපි Composition එක ගැන කොච්චර සැලකිලිම්ත් වෙලා, වස්තූන් සංවිධානය ගැන ඉතාම සැලකිලිමත් වෙලා ඉතාම Minimal ඡායාරූපයක් ග්‍රහණය කර ගත්තත්, අපිට අවසන් ප්‍රථිපලය ගැන කිසිම විදියකට සෑහීමකට පත් වෙන්න බැරි අවස්තාවන් එනව. සමහරවිට ඒකට හේතුව ඡායාරූපය තුල ඉතා කලබලකාරී ආකාරයකට වර්ණ විසිරී තිබීම නිසා වෙන්න පුලුවන්. අන්න ඒ වගේ වෙලාවක, ෆොටෝ එක පැත්තකට දාන්නෙ නැතුව, ඒක Black & White කරල බලන්න. සමහර වෙලාවට ඔයා මෙච්චර වෙලා නොදැකපු ලස්සනක් ඒ ෆොටෝ එකෙන් මතු වෙන්න පුලුවන්.
මම මේ ඉහලින් සඳහන් කලේ, Minimal Landscape / Seascape කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඒක ලේසි වෙන්න, අනුගමනය කරන්න පුලුවන් මූලික කරුණු 5ක් පමණයි. විශිෂ්ඨ ඡායාරූපයක් පිටිපස්සෙ මීට වඩා කාරනා ගොඩක් තියනව. නිතර පුහුණුවත් එක්ක මේ කාරණා ඔයාලටම තේරෙන්න ගනියි. එතකන් හොදට මේක පුරුදු පුහුණු වෙන්න. නිරන්තර පුහුණුව ඔබව දක්ශ ඡායාරූප ශිල්පියෙක් කරයි. ඉතින් මේ ඉහලින් සඳහන් කාරණා ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියනවනම් අහන්න. ආයෙත් තව මේ වගේම බ්ලොග් එකකින් හම්බෙනකම්, සියලු දෙනාට ජය!
Follow me on Instagram and Facebook
Simple Exposure Blending සිංහලෙන්
ගොඩ දෙනෙක් මගෙන් නිතරම අහන එකක් තමයි Exposure Blending එකක් කර ගන්නෙ කොහොමද කියල. ඉතින් මම හිතුව ඒක වීඩියෝ එකකින් පෙන්නන්න. Exposure Blending එකක් කර ගන්න දැනුමක් නැති, දැන ගන්න කැමති අය ඉන්නවනම් මේක බලල අදහසක් ගන්න. ඉස්සරහට මීට වඩා සංකීර්ණ එකක් කර ගන්න විදිය කියන්නම්. මේක ගැන මොනා හරි ප්‍රශ්න තියනවනම් අහන්න. මේක පුරුදු වෙන්න මේ ෆොටෝ තුනම ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්. ෆොටෝ තුන පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න. (මේ ෆොටෝස් Exposure Blending ඉගෙනීම සඳහා පමණක් භාවිතා භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, වෙනත් කිසිඳු කටයුත්තක් සඳහා හෝ ඔන්ලයින් හා සෝශල් මීඩියා වල පබ්ලිශ් කිරීම සඳහා අවසර නැත)
Free Download කර ගන්න පුලුවන් RAW Processing Software 5ක්
Software වල අධික මිල නිසා සහ Pirated Copy Download කරන්න/Use කරන්න සෑහෙන කාලෙක ඉදල අපි පුරුදු වෙලා ඉන්න නිසා, සල්ලි දීල Software එකක් යූස් කරන්න බහුතරයක් මැලි කමක් දක්වනව. Photography ෆීල්ඩ් එකෙත් තත්වය ඕකම තමයි. Professionally Photography කරන කෙනෙක්නම්, Photo Editing සොෆ්ට්වෙයා එකක Subscription Plan එකකට යන එක එච්චර අමාරු දෙයක් වෙන්න බෑ. හැබැයි බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් අටවන් කැමරාවක් අරන් විනෝදෙට Photography කරන කෙනෙක්ට, ලංකාව වගේ රටක ආර්ථික තත්වයත් එක්ක Editing සොෆ්ට්වෙයා එකකට අවුරුද්දකට විසි තිස්දාහක් වියදම් කරන එක පොකට් එකට වගේම හිතටත් ටිකක් අමාරු වැඩක්. ඉතින් Photoshop, Lightroom තමයි එකම එක කියන මතේ ඔලුවෙන් අයින් කර ගත්තොත්, වැඩේ හොදටම කර ගන්න පුලුවන් නොමිලේම Download කර ගන්න පුලුවන් ඉතා ඉහල මට්ටමේ Software ඉන්ටනෙට් එකේ තියනව. ඉතින් මේ ලිපියෙන් මම කෙටි හැදින්වීමක් කරන්න යන්නෙ එහෙම නොමිලේම ගන්න පුලුවන් RAW Processing Software 5ක් ගැන.
01. Dark Table
මේක Open Source Software එකක්. ඒ කියන්නෙ Coding, Programming ගැන දැනුමක් තියනවනම් ඔයාට උනත් මේ සොෆ්ට්වෙයාර් එකට ෆීචර්ස් ඇඩ් කර ගන්න පුලුවන්. User Interface එක ගොඩක් දුරට Adobe Lightroom වලට සමානයි, ඒත් Lightroom තරම් User Friendly නෑ. Lightroom තරම් නැති උනත් මේ සොෆ්ට්වෙයාර් එකෙත් RAW Processing කරන්න අවශ්‍ය විශාල ෆීචර්ස් ප්‍රමාණයක් අඩංගු කරල තියෙනව. (Tethering පහසුකම ඇතුලුව.) YouTube එකේ මේ Software එක ගැන Tutorials තියනව. මුදලක් වැය වෙන්නෙ නැති නිසා Download කරල ට්‍රයි කරල බලන්න. පහල තියන Link එකට ගිහිල්ල Windows, Mac OS, Linux Operating System තුනටම Download කර ගන්න පුලුවන්. සල්ලි වලට ගන්න Lightroom වලට Fuji X-Trans RAW File එකක් හරියට Open කර ගන්න බැරි වෙද්දි, මේ Free සොෆ්ට්වෙයා එක කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වැඩේ හරියට කරනව.
Download DarkTable
02. RawTherapee
මේකත් Open Source Software එකක්. User Interface එක යම් දුරකට Capture One Software එකට සමාන කමක් තියනව. හැබැයි Capture One, Lightroom වලට වඩා ඉතා විශාල Features ප්‍රමාණයක් තියනව. ඒ නිසාම යූස් කරද්දි ඉතා සංකීර්ණ බවක් දැනෙනව. ඒත් Tutorials කීපයක් බැලුවම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. Capture One, Lightroom Software එක්ක Compare කරද්දි RAW Therapee එකේ Advantages වගේම Disadvantages තියනව. (Lightroom, CaptureOne වල තියන සමහර Main Features මේකෙ නැහැ) Download කරල යූස් කරල බලන්න. මේ වගේ Software එකක් නොමිලේ ලැබෙන එක ගැන ඔයාලට පුදුම හිතෙයි. Lightroom වගේ නෙමෙයි, Fuji X-Trans RAW Files වලටත් ඉතාම හොදින් සපෝට් කරනව. පහල තියන Link එකට ගිහිල්ල Windows, Mac OS, Linux Operating System තුනටම Download කර ගන්න පුලුවන්.
Download RAWTherapee
03. Capture One Express
Medium Format කැමරා වලට ජනප්‍රිය PhaseOne එකෙන් Develop කරන, RAW Processing වලට ලෝකෙ ජනප්‍රියම Software එකක් තමයි Capture One Pro කියන්නෙ. (විශේෂයෙන්ම Sony හා Fujifilm යූස් කරන අය අතර) එකවර මිලදී ගත්තත්, Monthly Subscription Plan එකකට ගියත් මේක කෙනෙකුට මිල අධික ඔප්ශන් එකක්. ඒකට විසදුමක් එයාලම දීල තියනව. ඔයා යූස් කරන්නෙ Fujifilm හෝ Sony කැමරාවක්නම්, ඒ කැමරාවටම වෙන් වුන Capture One Express Version එක නොමිලේම එයාලගෙ වෙබ්සයිට් එකෙන් Download කර ගන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නෙ සයිට් එකට ගිහින්, ඔයාට අවශ්‍ය Version එක තෝරල, Register උනාම දෙන License Key එක සොෆ්ට්වෙයා එක Download වෙලා Install කරද්දි යූස් කරන එක. මේකෙ තියන වාසිය තමයි Capture One එකේ තියන විශිෂ්ඨ RAW Processing තාක්ෂණය නොමිලේම ලැබෙන එක (Pro Version එකේ තියන සියලුම ඔප්ෂන් නොලැබුණත් Raw Processing වලට අවශ්‍ය ප්‍රදානම Features ටික මේ Free Version එකෙත් තියනව) අවාසිය තමයි, මේක Fujifilm, Sony කියන Brand දෙකට විතරක් තියන ඔප්ශන් එකක් වීම. පහල තියන Link එකට ගිහිල්ල Windows, Mac OS Operating System දෙකටම Download කර ගන්න පුලුවන්.
Download Capture One Express
04. FastStone Image Viewer
මේක RAW Processing Software එකකට වඩා Photo Organizing Software එකක්. ඒත් මේකෙ Basic Raw Processing කර ගන්න පුලුවන් Features එකතු කරල තියනව. Shadow & Highlight Adjust කර ගන්න, Contrast, Saturation වෙනස් කර ගන්න, Clone ටූල් එකක්, Healing Brush එකක්, Crop Tool එකක් වගේම Image Resize කරගන්න, Text ඇඩ් කර ගන්න වගේ දේවලුත් කරන්න පුලුවන් ඉතාම User Friendly, ඕනම කෙනෙකුට ඉක්මනින්ම තේරුම් ගන්න පුලුවන් Software එකක්. හැබැයි මේක Windows Operating System එකට විතරක් එන Software එකක්. Fujifilm X-Trans RAW ෆයිල් වලටත් හොදින් සපෝට් කරනව. පහල තියන Link එකට ගිහිල්ල මේ Software එක Download කර ගන්න පුලුවන්.
Download FastStone Image Viewer
05. Ashampoo Photo Optimizer 2020 ( V1.8.0)
මේකත් Basic RAW Processing කර ගන්න පුලුවන් Software එකක්. Ashampoo සයිට් එකට ගිහින් Email එකකින් Register වෙලා මේක Download කර ගන්න පුලුවන්. මම ඉහලින් සදහන් කරපු Software වලට වඩා Ashampoo Photo Optimizer එක මෙමරි යූස් කරනව සහ Slow ගතියක් තියනව. (RAW Files එඩිට් කරද්දි). Photo Editing කරන්න අකමැති, එහෙම නැත්තන් වැඩි වෙලාවක් Editing Software එක්ක කාලෙ ගත කරන්න අකමැති කෙනෙක්ට මේකෙ Auto Optimize Option එකක් තියනව. ඒකෙන් ඉතාම සාර්ථක Result එකක් ගන්න පුලුවන්. මේකත් Windows Operating System එකේ විතරක් යූස් කරන්න පුලුවන් Software එකක්. Fujifilm X-Trans RAW ෆයිල් වලටත් හොදින් සපෝට් කරනව. පහල තියන Link එකට ගිහිල්ල මේ Software එක Download කර ගන්න පුලුවන්.
Download Ashampoo Photo Optimizer
ඉහත ලිපියෙන් මගේ අරමුණ වුනේ Lightroom, Photoshop වලට අමතරව RAW Process කර ගන්න පුලුවන් Free Software තියනව කියන එක පෙන්නල දෙන්න. ඔයාලට මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් පහල තියන මගේ Instagram එකට DM කරන්න. අනික් අයටත් බලන්න මේක Share කරන්න. Photography වලට වැදගත් වෙන තවත් ලිපියකින් ඉදිරියේදී හමුවෙමු. ස්තූතියි.
www.instagram.com/ad_fineart
www.instagram.com/achintha_dahanayake