Mobile Photography කරන්න කැමති අයට Tips 10 ක්
මීට අවුරුදු 10ට 15ට කලින් වෙනකන් කැමරාවක් කියන්නෙ අපේ රටේදි සුකෝපභෝගී භාණ්ඩයක්. Film Camera පාවිච්චි කරපු කාලෙ උනත්, Digital Camera ආපු මුල් කාලෙ උනත් තත්වය ඒකම තමයි. හැබැයි මේක ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්ත Mobile Phone එකට කැමරාව Introduce කලාට පස්සෙ. මුලින්ම Camera Mobile Phone එකත් සුකෝපභෝගී භාණ්ඩයක් තමයි, හැබැයි ඒක ඉතාම ඉක්මනින් වෙනස් වෙලා, Mobile Phone එක බහුතරයක් අතේ ගැවසෙන භාණ්ඩයක් උනා. මේ වෙද්දිනම් Smartphone එකක් Use නොකරන කෙනෙක් නැති තරම්. තව දෙයක් තමයි දැන් බහුතරයක් අතේ තියන මේ කැමරාව ප්‍රාථමික කැමරාවකුත් නෙමෙයි. ඉතාම ඉහල ගනයේ කැමරාවක්. වැදගත්ම කාරනේ තමයි මේ කැමරාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියන එක. මේ වෙද්දි ෆොටෝස් මිලියන ගානක් දවසකට අන්තර්ජාලයට එක් වෙනව. මම මේ ලිපියෙන් කතා කරන්නෙ ඡායාරූප ශිල්පියෙක් නොවන කෙනෙක්ට, ඒ ගැන හැදෑරීමක් නැති කෙනෙක්ට, එහෙම දවසකට අන්තර්ජාලයට එකතු වෙන ෆොටෝ අතරින් පොඩ්ඩක් වෙනස් වෙලා පේන්න, පොඩ්ඩක් Stand Out වෙන්න Photo එකක් ගන්නෙ කොහොමද කියන එක ගැන. ඒකට උදව් වෙන කාරනා කීපයක් මම කියන්නම්.
1. Rule Of Third භාවිතා කරන්න
Rule Of Third කිව්වම නොදන්නව උනාට ඔයාල මේක දන්නව. ඔයාලගෙ කැමරා App එක ඔන් කරාම කොටු නමයක ග්‍රිඩ් එකක් පෙන්නනව නේද? Rule Of Third ක්‍රමේට ඔයාගෙ Composition එක Set කර ගන්න තමයි ඒ පහසුකම App එකෙන් Default දීල තියෙන්නෙ. ඔයාලගෙ App එකේ එහෙම Lines ටික පෙන්නන්නෙ නැත්තන් Settings වලට ගිහිල්ල "Grid Lines” On කර ගන්න. තේරෙන සිංහලෙන් කිව්වොත්, Rule Of Third කියන්නෙ, ඔයාගෙ Photo එකේ Main Subject එක Off Center තියන්න කියන එක. ඉන්න, මම පහදන්නම්. ඔයාගෙ Frame එක දිග පැත්තටත්, පළල පැත්තටත්, සමාන කොටස් තුනකට බෙදන්න. එහෙම බෙදල ඒ Line Cross වෙන තැන ඔයා Capture කරන්න බලාපොරොත්තු වෙන Main Subject එක Place කරන්න. මේක Rule Of Third කිව්වට Rule එකක් නෙමෙයි. Photo එකක් ඇහැට ප්‍රිය වෙන්න ගන්න ලේසි වෙන්න තියන Guide එකක් විතරයි. ඔයා Photography වලට නවකයෙ නිසා, මේ Guideline එක Follow කරන්න.ටිකක් Photography ගැන පලපුරුද්ද එද්දි, Composition ගැන දැනුමක් එද්දි ඔය Rule එක Break කරමු.
2. පුලුවන් තරම් Frame එක Simple & Minimal තියා ගන්න
Composition එකක් Simple වෙන තරමට ඇහැට ප්‍රියයි. දවසකට දකින දහස් ගාණක් Photo වලින් වෙනස් වෙලා පේන්න, කලබල ෆෝටෝ ගොඩක් අස්සෙ Stand Out වෙන්න හොඳම ක්‍රමයක් තමයි Minimal, Simple Composition එකක් Use කරන එක. තව දෙයක් තමයි, ඔයා Minimal Photos ගන්න පටන් ගත්තට පස්සෙ ඔයා මෙච්චර කල් ගත්ත Photos වලට වඩා ලොකු වෙනසක් තේරෙයි. ඒක ඔයාට ඉස්සරහට Composition පුරුදු වෙන්න ලොකු උදව්වක් වෙයි, මොකද Minimal Composition එකක් තෝරගනිද්දි ඔයා ගොඩක් කල්පනා කරන්න ඕන Frame එක ඇතුලට එන්නෙ මොනාද නැත්තෙ මොනාද කියල. ඒක Composition ඉගෙන ගනිද්දි Practice කරන්න හොඳ පුරුද්දක්.
3. Photo ගන්න Camera Position එක වෙනස් කරන්න
කට වචෙනට අපි කියනව Camera Angle එක වෙනස් කරන්න කියල. ඒත් මේකට හරිම වචනෙ තමයි Camera Position එක වෙනස් කරන්න කියන එක. බොහෝ දෙනෙක් Phone එකෙන් Photo එකක් ගන්න වෙලාවට කරන්නෙ හිටගෙන තමන්ගෙ ඇස් මට්ටමින් ම (Eye Level) Photo එක ගන්න එක. එහෙම නොකර ඔයාගෙ Camera Position එක වෙනස් කරන්න. ඒ කියන්නෙ ඔයා Photo ගන්න Subject එකට සාපේක්ශව Low Camera Position එකක් හරි High Camera Position එකක් හරි යූස් කරන්න. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ලෝකය දකින්නෙ තමන්ගෙ ඇස් මට්ටමමින්. ඉතින් අපි ගන්න Photo එකත් ඒ ලෙවල් එකෙන්ම ආවොත් ඒකෙ වෙනසක් තේරෙන්නෙ නෑ. ඒක නිසා ඔයා Photo එකක් Compose කරද්දි ඇස් මට්ටමට වඩා වෙනස් Position එකක් යූස් කරන්න. ඒක වෙනම රූපමය අත්දැකීමක් වෙයි ඔයාලට. Try කරල බලන්න.
4. Photo එක ඇතුලෙ Layers Use කරන්න
මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ තේරෙයි. හැබැයි මේක එච්චර තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. Photo එකක තියන සීමාවක් තමයි Photo එකක් හැම වෙලාවෙම ද්විමානයි. (Two Dimensional). මේක නැති කර ගන්න පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තමයි Photo එක ඇතුලෙ Layers විදියට වස්තු සංවිධානය කරන එක. ඔයා Photography ගැන හැදෑරීමක් කරල නැති නිසා මේ ගැන ලොකුවට ඔලුව කරදර කර ගන්න ඕන නෑ, බලන කෙනෙක්ට Foreground, Midground සහ Background එකේ වෙනස, පරතරයක් සහිතව අඳුර ගන්න පුලුවන් වෙන්න Compose කරන්න, එහෙම නැත්තන් Frame එක සෙට් කරන්න. තව Light and Shadows, Depth Of Field එක වගේ දේවල් Use කරල මේක තවත් Improve කර ගන්න පුලුවන්. ඒක දැන්ම හිතන්න යන්න එපා, ඔයාගෙ දැනුම වැඩි වෙද්දි, ටික ටික ඔයාගෙ ෆොටෝ එකට ඒ දේවල් එකතු කරගන්න.
5. පුලුවන් හැම වෙලාවෙම Zoom එක Use නොකර ඉන්න
Zoom Use කරන්න එපා කියන්න හේතු දෙකක් තියනව. එක හේතුවක් තමයි, Smartphone වල Zoom එක එච්චර සාර්ථක නෑ. ඔයාගෙ Phone එකේ Features List එකේ කැමරාවෙ අච්චර Zoom මෙච්චර Zoom තියනව කියල සඳහන් උනත් Practically ඕක Useful නෑ, සාර්තකත් නෑ. බොහෝමයක් Phone වල තත්වය ඕක තමයි. කෙටියෙන්ම කිව්වොත් Zoom කරාම එන්නෙ Sharpness නැති අවලස්සන Photo එකක්. දෙවෙනි හේතුව තමයි, කතාවක් තියනව ඔයා Photo එකක් ගන්න වෙලාවට ඔයාගෙ කකුල් දෙක තමයි හොඳම Zoom එක කියල. (මේක Street Photography කරන අය අතර තියන උපමාවක් විතරයි. හැම අවස්තාවකටම අදාල කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි) ඒක නිසා "පුලුවන්" හැම වෙලාවකම Zoom කරන එක නොකර ඔයා ඉන්න තැන වෙනස් කරල (ඉස්සරහට හෝ පස්සට ගිහින්) Frame එක හදා ගන්න. මේක ඔයාගෙ Composition ගැන තියන දැනුම වැඩිකර ගන්නත් Use කරන්න පුලුවන් Practice එකක්.
6. සීමාව ඉක්මවල Edit කරන්න එපා
Smartphone එකක Default ම Photo එකක් Process වෙලා එන්නෙම Filters ගොඩක් Apply වෙලා. (එක් එක් Phone Brand වල ඒ ඒ Company වලින් Use කරන Image Processing Algorithms ) මම දැකල තියනව බොහෝ දෙනෙක් Photo Editing Apps පාවිච්චි කරල Sharpness, Saturation ඉතාම අධික ලෙස, අනවශ්‍ය ලෙස වැඩි කරනව. එහෙම ඕනවට වඩා Edit කරන එකෙන් වෙන්නෙ Photo එකේ තියන ජීව ගුණය Mood එක, නැතිවෙලා යන එක. මේක කරන්න එපා. පුලුවන් තරම් වර්ණ වෙනස් කරන එක අඩුවෙන්, පරිස්සමින් කරන්න. මමනම් බොහෝ වෙලාවට සැචුරේශන් අඩු කරනව.
7. වටපිටාවෙ තියන Lines, Patterns, Textures ගැන අවධානය යොමු කරන්න.
එදිනෙදා අපිට පේන, ඒත් අපි දකින්නෙ නැති Patterns, Textures අපේ වටපිටාවෙ තියනව. කල්පනාවෙන් බැලුවොත්, හැම තැනකම, හැම දේකම වගේ අපිට මේ Patterns, Textures දැක ගන්න පුලුවන්.. බොහෝමයක් Smartphone වල Macro කැමරාවක් තියනව දැන්. ඒ කැමරාව Use කරල මේ එදිනෙදා දකින්න තියන Patterns ලස්සන විදියකට හසුකර ගන්න උත්සහ කරන්න.
8. Photo එක ඇතුලෙ කතාවක් කියන්න උත්සාහ කරන්න
Photo එකක වටිනාකම වැඩිවෙන්න පුලුවන් කාරනා කීපයක් නිසා. එකක් ඒ Photo එකේ තියන ලස්සන (Visual Beauty එක). අනික් කාරනේ ඒ Photo එක සටහන් වෙච්ච මොහොත (Moment එක). අනික් කාරනේ ඒ Photo එකේ තියන කතාව (Story එක). මේ ලස්සනයි, මොහොතයි කියන කාරනා දෙකටම වඩා මෙන්න මේ "කතාව" ට (Story එකට) වටිනාකමක් තියනව. ඉතින් ඔයා Photo එකක් ගන්න වෙලාවට මේක ගැන පොඩ්ඩක් හිතන්න. හිතන්න ඔයා ගන්න ෆොටෝ එකෙන් ඔයාට මොකක් හරි කතාවක් කියන්න පුලුවන්ද කියල. අන්න ඒ කතාවට ගැලපෙන්න Frame එක ඇතුලෙ වස්තු සංවිධානය කර ගන්න.
9. විවිධ Camera App අත්හදා බලන්න
ඔයාගෙ Phone එකේ තියන Default Camera App එකටම හිර වෙලා ඉන්න එපා. App Store එකේ තව විවිධ Camera App තියනව. ඒව Download කරල Use කරල බලන්න. උදාහරණයක් විදියට කිව්වොත්, 1998 Camera App එක. මේ Camera App එකෙන්, පරණ Analog Camera වල Mood එක එන විදියට Photo ගන්න පුලුවන්. Huji Cam App එකත් ඒ වගේම Similar App එකක්. Download කරල Use කරල බලන්න. Mobile Photography Series ගන්න ඕන නෑ. Have Fun With It..
10. ගන්න Photos Phone එකේම තියා ගෙන ඉන්න එපා
ඔයා ඔහොම ගන්න Photos, Phone එකේම තියගෙන ඉන්න එපා. Photo එකක් විඳින්න පුලුවන් හොඳම විදිය තමයි ඒක Print කරන එක. ඔයා ගන්න, හොඳයි කියල හිතෙන Photos ප්‍රින්ට් කරන්න. පොඩියට හරි කමක් නෑ. ඒක අමුතුම අත්දැකීමක්. තව Facebook එකේ තියනව Mobile Photography වලටම වෙන් වෙච්ච Photography Groups. මේ Group වලට ඔයා ගත්ත Photos Submit කරන්න. ඒ වගේම තව Photo Sharing Websites තියනව (Flickr, Viewbug, YouPic වගේ) ඒ website වලත් දාන්න. තව ඔයාටත් පුලුවන් ඔයාගෙ නමට Facebook Page එකක් හදල ඔයා ගන්න Photos ඒ Page එකෙ දාන්න. දාල යාලුවො එක්ක ශෙයා කර ගන්න. එහෙම වෙනම Page එකක් හදා ගෙන ඒකෙ Photos නිතරම දාන්න. ඒ විදියට දාදිදි ඔයාගෙ Photo Collection එක වැඩි වෙද්දි ඔයාට Photography ගැන ආසාවක් ඇති වෙයි.
ආයෙ මේ වගේ ලිපියකින් හමුවෙමු.
මගේ Instagram එක Follow කරන්න achintha_dahanayake
Facebook Page එක Like කරන්න Achintha Dahanayake Photography