Star Trail ෆොටෝ එකක් ගන්නෙ කොහොමද?
Landscape Photography කරන අය අතර ජනප්‍රියම Category එකක් තමයි Star Trail Photography. ඕනම කෙනෙක්ට මේක Try කරල බලන්න සහ අවසන් ප්‍රතිපලය එක්ක ලොකු තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක්. හැබැයි මේක Landscape Photography හෝ Milky Way Photography වලට වඩා විශාල කාලයක් හා ශ්‍රමයක් වැයවන වැඩක්. හැබැයි ඉවසගෙන කලොත් අවසන් ප්‍රථිපලය හරිම විචිත්‍රවත්. මේකෙ සම්පූර්ණ තාක්ෂණික කාරනා මෙහෙම Blog එකකින් පහදන්න අමාරුයි, නමුත් යම් කෙනෙක්ට Star Trail Photography වලට ප්‍රවිශ්ඨයක් ගන්න මේකෙන් පුලුවන්. අපි මුලින්ම කතා කරමු Star Trail Photography වලට අත්‍යාවශ්‍යම උපකරණ මොනාද කියල.
හදාගත්ත කෝපි ටිකක්, බිස්කට් පැකට් එකක්
DSLR / Mirrorless කැමරාවක්. (High ISO Performance හොඳ කැමරාවක්නම් හොඳයි. හැබැයි එහෙම එකක් නෑ කියල අවුල් වෙන්න ඕන නෑ. ඔයා ගාව තියන කැමරාවෙන් වැඩේ කරමු.)
Tripod එකක්. (කැමරාව හෙලවෙන්නෙ නැතුව තියා ගන්න පුලුවන් ඕනම Tripod එකක් OK.)
Intervalometer එකක් හෝ Shutter Release Cable එකක්. සමහර කැමරා වල Inbuilt Intervalometer එකක් තියනව. ඔයාගෙ කැමරාවෙ Inbuilt ඒ Feature එක නැත්තං External Intervalometer එකක් ගන්න. එහෙමත් නැත්තං Shutter Release Cable එකකිනුත් මේ වැඩේ කරන්න පුලුවන්. ඒක මම මේ ලිපියෙ ඉස්සරහට පැහැදිලි කරන්නම්.
තරු වල පිහිටීම බලාගන්න පුලුවන් App එකක්. මේ සඳහා විවිධ App Download කර ගන්න තියනව. ඔයා යූස් කරන්නෙ Android ද iOS ද කියන එක උඩත් App එක වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඔයාගෙ Device එකට හරියන App එක හොයා ගන්න. උදාහරණයක් විදියට සඳහන් කලොත්, මම යූස් කරන්නෙ Star Walk 2 කියන ඇප් එක.
Extra Battery / Power Bank
Fast Memory Card එකක් (32GB හෝ ඊට වැඩි )
හරි, දැන් ඕන කරන දේවල් ටික ඔක්කොම හරි නේද? එහෙනම් අපි දැන් වැඩේ පටන ගමු. ඒකට මුලින්ම හොඳ Location එකක් හොයා ගමු. ඒකට Light Pollution නැති, එහෙම නැත්තන් Light Pollution එක අඩු Area එකක්නම් ගොඩක් හොඳයි. Town ආශ්රිත ප්‍රදේශ වල Light Pollution වැඩියි, ඒක නිසා Town වලින් ඈතට වෙන්න තියන Location එකක් හොයා ගන්න.
ඊලඟ කාරනේ වෙලාව තෝර ගන්න එක. Star Trail Photography වලදි Milky Way Photography වලදි තරම් වෙලාව Precise වෙන්න ඕන නෑ. Milky Way Photography වලදි Galactic Core එක Horizon එකෙන් උඩට එනකන් ඉන්න වෙනව. Star Trail Photography වලදි එහෙම ඕන නෑ. එකම දේ, අහසෙ හඳ නැති වලාකුලු නැති වෙලාවක් තෝර ගන්න. අමාවක දවසක්නම් වැඩේට නියමයි. එහෙම නැත්තන් Moon Rise එකට කලින් හෝ Moon Set එකට පස්සෙ වෙලාවක් තෝර ගන්න. Moon Rise එක, Moon Set එක බලා ගන්නත් ඕන තරම් App තියනව. උදාහරණෙකට නමක් කිව්වොත් Sun and Moon App එක.
හරි, දැන් ඔයාලට ඕන උපකරණ ටිකත් හරි, Photo එක ගන්න දවසක්, වෙලාවක්, Location එකක් තෝරගෙනත් ඉවරයි නෙ? දැන් අපි Photo එක ගන්න යමු. ඔයාල ලොකේශන් එකට ගිහිල්ල මුලින්ම කරන්න ඕන ලස්සන Composition එකක් තෝර ගන්න එක. කොයි වෙලාවකවත් Photo ගන්න වෙලාවටම ගිහින් කලුවරේ Composition හොයන්න එපා, කලින් ලොකේශන් එකට ගිහින් හෙමින් සැරේ ටයිම් අරන් Composition එක තෝර ගන්න. අන්න ඒකට දැන් ඔයාලට අර දා ගත්ත ඇප් එක ඕන වෙනව. ඇයි ඒ? ඒ තමයි, ඔයාලට ලස්සන Circular Star Trail ෆොටෝ එකක් ඕනනම් ඔයාල ෆේස් කරන්න ඕන Polaris Star එක තියන දිශාවට, එහෙම නැත්තන් North Pole එකට. සිංහලෙන් කිව්වොත් North Star එක තියන පැත්තට. (මේ ක්‍රමය හරියන්නෙ ඔයා Northern Hampshire (උතුරු අර්ධගෝලය) එකේ තියන රටක ඉන්න කෙනෙක්නම් විතරයි. ඔයාල Southern Hampshire (දකුණු අර්ධගෝලය) එකේ ඉන්න කෙනෙක්නම් ඔයාල Face කරන්න ඕන Sigma Octantis තාරකාව, එහෙම නැත්තන් South Star එක තියන පැත්තට. ආසන්නව දකුණු දිශාවට. South Star එක පියවි ඇහෙන් බලා ගන්න බෑ. App එක යූස් කරල South Pole එක ලේසියෙන් හොයා ගන්න පුලුවන්. තව දෙයක්, ඔයාල ඉන්නෙ Equator (සමකය) එකට ඉතා ආසන්නයේ රටකනම්, සම්පූර්ණ Circular Star Trail එකක් කැප්චර් කරන්න බෑ ඔයාලට. මේ ගැන දළ අදහසක් ගන්න පහල තියන Diagram බලන්න.
තව දෙයක්, ඔයාල Composition එක තෝර ගද්දි නිකන්ම නිකන් Star Trail එක විතරක් අහුවෙන විදියට ගන්න එපා. Foreground එක ගැනත් අවධානය යොමු කරන්න. හොඳ Foreground Subject එකක් තෝරල ඔයාගෙ Star Trail එක ඒ Foreground එකට Compliment Element එකක් කර ගන්න. අපේ ප්‍රධාන අරමුණ Star Trail එක උනාට Foreground එකත් ලස්සන උනාම තමයි ෆොටෝ එකේ වටිනාකම වැඩි වෙන්නෙ.
හරි, දැන් ඔයා Composition එකත් තෝරගෙන ඉවරයිනෙ? දැන් තියෙන්නෙ Photo එක ගන්න. Photo එක ගන්න කලින් හිතන්න තව දෙයක් තියනව. ඒ තමයි Focus කර ගන්න එක. Focus කර ගන්න ක්‍රම කීපයක් තියනව.
ආලෝකය තියන දවල් වෙලාවක ඈත තියන Subject එකක් Auto Focus යූස් කරල Focus කරගෙන කැමරාව හෝ ලෙන්ස් එක Manual Focus වලට මාරු කරන්න. (සමහර Camera Brand වල මැනුවල් ෆෝකස් එක එන්නෙ ලෙන්ස් එකේ, ස්මහර Camera Brand වල මැනුවල් ෆෝකස් එක එන්නෙ කැමරා බොඩි එකේ) ඊට පස්සෙ Focus Ring එක හෙලවෙන්නෙ නැති වෙන්න ටේප් එකක් අලව ගන්න. එතකොට කැමරාව බෑග් එකේ තියෙද්දි හෙලවිලා Focus එක වෙනස් වෙන්නෙ නෑ)
Location එකේදිම ඈත තියන දීප්තිමත් එලියකට (විදුලි ආලෝකයකට හෝ දීප්තිමත් තාරකාවකට ) Auto Focus කරල ඊට පස්සෙ කැමරාව හෝ ලෙන්ස් එක Manual Focus වලට මාරු කර ගන්න.
කැමරාවෙ Focus Distance Indicator එක යූස් කරල Infinity එක Focus කර ගන්න. නූතන Mirrorless කැමරා වල මේ පහසුකම තියනව.
ලෙන්ස් එක Manual Focus Mode එකට දාල Infinity Sign (∞) එකට Focus Ring එක කරකවල ෆෝකස් කර ගන්න. සමහර වෙලාවට ලෙන්ස් එකේ Infinity එක මාක් කරල තියන තැනම හරියටම Infinity එක Focus නොවෙන්න ඉඩ තියනව. නමුත් ඒ ආසන්නයේම ඉදිරියට හෝ පසුපසට පොඩ්ඩක් කැරකෙව්වම Infinity එක Focus වෙනව.
මම ඔය ඉහලින් සඳහන් කරපු මොන ක්‍රමයට Focus කර ගත්තත් Test Shots කීපයක් අරගෙන හොඳට Zoom කරල ෆෝකස් එක, Composition එක හරියටම චෙක් කර ගන්න.
හරි, දැන් Focus එක Composition එක හොඳට චෙක් කර ගත්තනෙ? ඊළඟ Step එක කැමරාවෙ අනික් Settings ටික හදා ගන්න එක.
Shutter Speed
Shutter Speed එකට මේක තමයි හරිම අගය කියල අගයක් කියන්න බෑ. හැබැයි ඒක ගැන අදහසක් ගන්න Rule එකක් තියනව. 500 Rule එක. ඒකෙදි කරන්න ඕන ඔයාල පාවිච්චි කරන ලෙන්ස් එකේ Focal Length එකෙන් 500 බෙදුවම එන අගය Shutter Speed එක විදියට යූස් කරන එක.
උදා. 16mm ලෙන්ස් එකක් යූස් කරනව කියල හිතමු. එතකොට 500 බෙදනව 16න්
500/16 = 31.25 (ආසන්න වශයෙන් Shutter Speed එක වෙන්න ඕන 30 Sec)
හැබැයි මේක Full Frame කැමරා වලට තියන Rule එකක්. ඔයා පාවිච්චි කරන්නෙ APS-C කැමරාවක් නම් 500 වෙනුවට 300 ආදේශ කරන්න. M3/4 කැමරාවක්නම් 250 ආදේශ කරන්න.
Aperture
සාමන්‍යයෙන් Milky Way එක Capture කරද්දි Fast ලෙන්ස් එකක් යූස් කරන්න ඕන. ඒ කියන්නෙ f1.4, f1.8, f2.8 වගේ. හැබැයි Star Trail Photography වලදි තියන තරු සේරම Capture කරන්න ඕන නෑ. එතකොට Stack කලාම Cluttered Look එකක් එන්නෙ. Star Trail ලයින් දෙකක් අතර සුලු ගැප් එකක් තිබ්බම ලස්සනයි. ඇහැටත් ප්‍රියයි. මම තේරුම් ගත්ත දෙයක් තමයි f4 ඉතාම Balance අගයක්.
(සැ.යු. ඔයාට Fast Lens එකක් තියනවනම් ඒක ෆුල් ඕපන් කරල ISO අඩු කරලත් මේක බැලන්ස් කර ගන්න පුලුවන්. සරල අදහස, Milky Way වගේ පුලුවන් තරම් ආලෝකය සටහන් කර ගැනීමක් Star Trail Photography වලදි අනවශ්‍යයි )
ISO
මේකටත් නියම සම්මත අගයක් නෑ. Base ISO එක විදියට ISO 800 දාල ෆොටෝ එකක් අරගෙන ක්‍රමානුකූලව අගය වැඩි කරමින් Test Shots කීපයක් අරගෙන Visually ඔයාට සෙට් වෙන ISO අගය තෝර ගන්න.
සැලකිය යුතුයි
මතක ඇතුව කැමරාවෙ High ISO Noise Reduction , Long Exposure Noise Reduction ඔන් කරල තියනවනම්, මතක ඇතුව ඒව Off කර ගන්න. White Balance එක මැනුවල් දා ගන්න. Image Quality එක RAW දා ගන්න. ලෙන්ස් එකේ IS Off කර ගන්න. Photos 200 ට වඩා ගානක් ගන්න හිතනවනම් අමතර Battery එකක් Ready කරල තියා ගන්න, නැත්තන් Power Bank එකක් කැමරාවට Plug කරන්න.
දැන් Settings ටිකත් හරිනෙ නේද? දැන් තියෙන්නෙ ෆොටෝස් ටික ගන්න. Star Trails Photo එකක් ලස්සන වෙන්නනම් අඩුම ගානෙ Photos 200 ක් වත් තියෙන්න ඕන. Photos වැඩි වෙන තරමට Trail Effect එක ලස්සනයි. දැන් ඔක්කොටම කලින් Lens Cap එක තියෙද්දිම ඔයා යූස් කරන Settings වලින් Dark Frame එකක් ගන්න. (ඒ ඇයි කියල මම ඉස්සරහට පැහැදිලි කරන්නම් )
ඊට පස්සෙ Intervalometer එක කැමරාවට Plug කර්ල, එහෙම නැත්තන් Inbuilt Intervalometer එකට ගිහින් ඔයාට ඕන Shots ගාන දෙන්න (මමනම් ගන්නෙ ෆොටෝස් 200යි මොකද මගේ Composition Style එකට ඒ ගාන සාර්තකයි ) Shots දෙකක් අතර Time Gap එක තප්පර 1 ත් 3ත් අතර ගානක් දෙන්න. ඊට වඩා දෙන්න එපා මොකද අන්තිමට Stack කරද්දි Star Trail Lines ලස්සනට Continue වෙන්නෙ නැති වෙනව. ඊට පස්සෙ Shutter Button එක Press කරල Shooting Sequence එක Start කරන්න. ඔයාලට Intervalometer එකක් නැත්තන් ඔයාලගෙ Remote Shutter Release Cable එක Connect කරල කැමරාව Continues Shooting Mode එකට දාල Shutter Release එක Press කරල Lock කරන්න. දැන් ඔයාල කැම් එක Off කරනකන් හරි Shutter Release එක Unlock කරනකන් හරි දිගටම Shoot වෙයි. (මේ විදියට Remote Shutter Release Cable එකක් යූස් කරල Shoot කරද්දි Intervalometer එකක් යූස් කරනව වගේ අපිට ඕන Shots ගාන Shoot වෙලා නතර වෙන්න දෙන්න විදියක් නෑ. හැබැයි, ඔයා දීපු Shutter Speed එකයි Shot දෙකක් අතර Gap එකයි එක්ක ගන්න ඕන Shot ගාන බලල ශොට් 200 ට යන වෙලාව අනුමාන කරන්න පුලුවන්.) දැන් තියෙන්නෙ පැය දෙකක් තුනක් බලන් ඉන්න ගේම. අර ගෙනාපු කෝපි, බිස්කට් ඕන වෙන්නෙ මේ වෙලාවට තමයි. Sit back and relax. Let the camera do its thing.
මේ Shots ටික වදිද්දි ඔයාට Creative වෙන්න පුලුවන්. මේ වෙලාවෙදි Light Painting කරන්න පුලුවන් Foreground එක. Basic Speed Light එකකුයි Color Gel Paper ටිකකුයි යූස් කරල Foreground එක Paint කර ගන්න. (Light Painting කරනවනම් කැමරාවට අංශක 90 කින් Flash කරන්න ) ඊට පස්සෙ ඒ Light Painted Frame එක Final Star Trail Photo එකට Blend කර ගන්න පුලුවන්. එතකොට End Result එක තව ලස්සන වෙයි. (මේක අමතර Step එකක්. ඔයාලට ඒක නොකර ඉන්නත් පුලුවන්)
Editing
ඔයාලගෙ මහන්සියේ ප්‍රථිපල ලැබිලද කියල බලන්නෙ දැන් තමයි. ගත්ත Photos ටික Capture One හෝ Lightroom වගේ RAW Processing Software එකක Open කරගෙන Basic Raw Adjustment කර ගන්න. ඊට පස්සෙ ඒ Photos ටික ඔක්කොම TIFF File විදියට Export කර ගන්න. Light Painting කර ගත්ත Frame එකක් තියනවනම් ඒකත් වෙනම කොපි එකක් දා ගෙන Color Adjustment කරල PSD File එකක් Export කර් ගන්න.
Star Trail එක හදා ගන්න ක්‍රම දෙකක් තියනව. එකක් StarStaX Software එක යූස් කරල Stack කර ගන්න එක, අනික් ක්‍රමය Photoshop වලින් Manually Stack කර ගන්න එක.
StarStaX Software එක යූස් කරල Stack කර ගන්න විදිය
මේක Star Trail Edit කරන්නම එන Free ගන්න තියන Software එකක්. ඉස්සෙල්ලම මේ සයිට් එකෙන් StarStaX – Markus Enzweiler (markus-enzweiler.de) Software එක Download කර ගන්න. මේක Install කරන්න ඕන නෑ. Portable විදියට Use කරන්න පුලුවන්. Software එක Open කරල පහලින් මම පෙන්නල තියන විදියට කර ගන්න.
1. මෙතන Click කරන්න
2. ඔයා Export කර ගත්ත TIFF ෆයිල් ටික ඔක්කොම Select කරල Open කර ගන්න
3. මම මේ Blog එකේ මුලින්ම කිව්ව නේද Lens Cap එක එක්ක Dark Frame එකක් ගන්න කියල? ඔයාගෙ Stars Frame ටික Load උනාට පස්සෙ මෙතන Click කරල අන්න ඒ Dark Frame එක Select කරන්න (Photo එකේ Noise අඩු කරන්න තමයි ඒ Step එක Use කරන්නෙ )
4. දැන් Subtract Dark Images කියන එක Tick කරන්න.
5. ඔයාලට Trail Fade Effect එක ඕනනම් Comet Mode එක Tick කරන්න.
6. දැන් Start Processing කියන එක Click කරන්න. දැන් බලන් ඉන්න Automatically Star Trail එක Stack වෙන විදිය. 👇
7. දැන් Stack වෙච්ච Photo එක TIFF File එකක් විදියට සේව් කර ගන්න. (මතක ඇතුව Save කරද්දි .TIFF Extension එක File Name එක අගට Type කරන්න. නැත්තන් JPG එකක් විදියට තමයි Save වෙන්නෙ )
Photoshop Software එක යූස් කරල Stack කර ගන්න විදිය
1. Photoshop Open කරල File >> Script >> Load Files Into Stack කියන එක තෝරන්න.
2. ඊලඟට Open වෙන Dialog Box එකේ තියන Brows කියන එක Click කරල ඔයා Export කර ගත්ත Star Files ටික සේරම Load කර ගන්න. දැන් OK කරන්න.
3. ඊලඟට Load වෙච්ච ඔක්කොම Layers ටික Select කරල “Lighten” Blending Mode එක තෝරන්න.
4. ඔයාලට Trail Fade Effect එක ඕනනම් මම 4 වෙනි Point එකේ පෙන්නල තියන විදියට Opacity එක ක්‍රමානුකූලව අඩු කරගෙන යන්න.
5. අන්තිමට ඔයාල අර ගත්ත Black Frame එක Open කරල Copy කරල මේ Stack කරපු Photo එක උඩට Paste කරල “Subtract” Blending Mode එක Apply කර ගන්න.
ඊලඟ Step එක විදියට ඔයාල Foreground එක Target කරල ගත්ත Photo එකට මේ Stack කර ගත්ත Star Trail Photo එක Blend කර ගන්න (මේක අමතර Step එකක් සහ හරියටම කරන්න අමතර ලොකු වෙලාවක් යන Process එකක්. ඔයාල අකමැතිනම් මේ Step එක මග අරින්න පුලුවන්.)
මේ විදියට Star Trail Photo එක Foreground Photo එකට Blend කර ගත්තට පස්සෙ ඔයාලට විවිධ Blending Mode මාරු කරල බලන්න පුලුවන්. මම මෙතනදි Foreground එක උඩ Star Trail Photo එක Mask කරල “Screen” Blending Mode එක Use කරල තියෙන්නෙ. අවසාන Step එක විදියට මම මෙතනදි මේ Red වලින් Mark කරල තියෙන Visually Distracting දේවල් ටික මකා ගන්නව සහ Perspective එක Correct කර ගන්නව. (Wide Lens වල එන Distortion එක). යටින් තියෙන්නෙ Color Correct කරල අනවශ්‍ය දේවල් මකා ගෙන Perspective Correct කර ගත්ත Final Photo එක.
Exposure Blending එකක් කර ගන්නෙ කොහොමද කියල මම කලින් වීඩියෝ එකක් දැම්ම. ඒක මේ පහල 👇 Link එකෙන් ගිහිල්ල බලන්න. ඒක බලල Blending එකක් කර ගන්න විදිය ගැන Idea එකක් ගන්න පුලුවන් ඔයාලට.
තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. එතකන් 👇
මගේ Instagram එක Follow කරන්න achintha_dahanayake
Facebook Page එක Like කරන්න Achintha Dahanayake
මගේ YouTube Chanel එක Subscribe කරන්න Achintha Dahanayake