Landscape Photography පටන් ගන්න හොදම කැමරාව මොකද්ද?

Seascape long exposure photography

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

Landscape Photography පටන් ගන්න කෙනෙක්ට හොඳම කැමරාව මොකද්ද? මේක නිතරම ඇහෙන සහ අහන ප්‍රශ්නයක්. මේකට හරි උත්තරේ මොකද්ද? මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නෑ, හැබැයි එක් එක් පුද්ගලයාට අදාලව ගැලපෙන උත්තරයක් තියනව. මේකට ප්‍රවීනයන්ගෙන් බහුලව ලැබෙන උත්තරයක් තියනව. ඒ තමයි මුලින්ම Entry Level හෝ Mid Range කැමරාවක් අරගෙන හොඳට පුරුදු වෙලා පස්සෙ Professional කැමරාවක් ගන්න කියන එක. ඒත් මේක සම්පූර්ණයෙන් එකඟ වෙන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. එක් පාර්ශවයකට අදාලව මේ උත්තරේ හරි,ඒත් සමස්තයටම ගලපන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. ඔයාට මේ ලෝකෙ තියන හොඳම කැමරාවයි, හොඳම ෆිල්ටර් ටිකයි ගන්න සල්ලි තියනවනම්, ඒක අරගෙන පුරුදු වෙන්න. හොඳම කැමරාවෙන් පුරුදු වෙන්න බෑ කියල කොහෙවත් කියල නෑ. Entry Level එකක්ම අරගෙන පුරුදු වෙන්න ඕන කියලත් කොහෙවත් කියල නෑ. ඒක නිසා, මුදල් සහ හැකියාව තියනවනම්, හොඳම බඩු ටික අරගෙන වැඩේ පුරුදු වෙන්න. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. හැබැයි හොඳම කැමරාව අරගෙන පුරුදු වෙන්න කියන එකත් සමස්තයටම ගලපන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. මොකද, ලංකාවෙ බහුතරයකගෙ ආර්තික තත්වය සහ හැකියාව එක්ක, ලක්ෂ 5ක් 6ක් කැමරා බඩු වලට වියදම් කරනව කියන එක ප්‍රායෝගික නෑ. ඉතින් මේ ලිපියෙන් මම කතා කරන්නෙ අන්න ඒ හොඳම කැමරාව ගන්න ආර්තික තත්වයක් නැති නවකයන්ට.

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

නවකයන් බහුතරයක් අතර තියන මතයක් තමයි, හොඳම ෆොටෝ එකක් ගන්න Full Frame කැමරාවක්ම ඕන කියන එක. මේක මම බොහෝ අවස්තා වල අත්විඳපු, අත්දැකපු දෙයක්. ඉතින් බොහෝ දෙනෙක් කරන්නෙ, එක්කො හොඳම කැමරාවක් ගන්න අවුරුදු ගානක් පෙරුම් පුරන එක, එහෙම නැත්තන් Entry Level කැමරාවක් අරන්, ඒකෙන් හොද ෆොටෝ ගන්න බෑ වගේ මතයක් ඔලුවෙ තියා ගෙන ඒකෙන් ප්‍රයෝජනයක් නොගන්න එක. ඔව්, Entry Level කැමරාවක, Mid Range කැමරාවක සීමා තියනව. ඇත්ත. ඒ තියන සීමාවන් වලින් බොහෝ දෙනෙක් කතා කරන ප්‍රධානම එකක් තමයි Dynamic Range එක. Entry Level කැමරාවක හෝ Mid Range කැමරාවක, Full Frame කැමරාවක තරම් Dynamic Range එකක් නෑ. හැබැයි Practically කතා කලොත්, Correct Exposure එකක් සහිත Landscape ෆොටෝ එකක් ගන්න අපිට කොච්චර Dynamic Range එකක් ඕනද? අපි හරියට Exposure Triangle එක වැඩ කරන විදිය ඉගෙන ගත්තොත්, Entry Level හෝ Mid Range කැමරාවක් බාවිතා කරල, පවතින බොහෝ ආලෝක තත්වයන් යටතේ Correct Exposure එකක් සහිත නිවැරදි ෆොටෝ එකක් ගන්න පුලුවන්. කැමරාවෙ සීමාවන් ඉක්මවා යන ආලෝක තත්වයක් තියන වෙලාවක Bracket කරල ෆොටෝ ගන්න පුරුදු වෙන්න. ඒ වගේම Adobe Photoshop / Affinity Photo වගේ Software එකක් යූස් කරල Exposure Blending කරන විදිය ඉගෙන ගන්න. ඒක ඉතාම සරල දෙයක් වගේම ඔය කියන Dynamic Range එකේ අඩුව නිසා එන ගැටලුවට ඉතාම සාර්තක විසඳුම ඒක. Dynamic Range එක කියන කාරනාව නිසාම Professional Level කැමරාවකට යනවට වඩා ඒක ඉතාම ලාබදායී වැඩක්.

Soft-and-Wild.jpg

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

DIGITAL PHOTOGRAPHER MAGAZINE UK - ISSUE 198 | Gallery Image of the month

DIGITAL PHOTOGRAPHER MAGAZINE UK - ISSUE 198 | Gallery Image of the month

ඊලඟ කාරනාව Resolution, එහෙම නැත්තන් Mega Pixel ගාන. මේකත් බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගන්න තැනක්. ඔයා ෆොටෝ ගන්නෙ Hobby එකක් විදියටනම්, ඔයා ගන්න ෆොටෝස් Instagram, Facebook වගේ Social Media වල Publish කරන එක විතරයිනම් කරන්නෙ, Entry Level කැමරාවක Resolution හොඳටම ඇති. Social Media වල Publish කරන්න විතරක් නෙමෙයි, සැලකිය යුතු විශාලත්වයකින් ප්‍රින්ට් කරන්නත් ඒ Resolution එක හොඳටම ඇති. මම මේ ඉහලින් දාල තියන ෆොටෝ එක ගත්තෙ 2010 මාකට් එකට ආපු 18Mpx Canon EOS 60D කැමරාවකින්. ලෙන්ස් එක 18-135mm Kit ලෙන්ස් එකක්. මේ ෆොටෝ එක UK වල Publish වෙන Digital Photographer Magazine එකේ පිටු දෙකක් පුරාවට Publish උනා. ඉතින් 2010 කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් සඟරාවක පිටු දෙකක් පුරා ප්‍රින්ට් කරන්න Resolution ඇති නම්, දැන් මාකට් එකේ තියන Mpx24-26 වගේ කැමරා වල කොලිටි මදි කියන්න කිසිම තාර්කික හේතුවක් නෑ.

_MG_9302-02insta.jpg

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

අනික් කාරණය High ISO Performance. ඒකට දෙන්න තියෙන්නෙ මෙහෙම උත්තරයක්. Landscape Photography වලදි සම්මතයක් විදියට යූස් කරන්නෙ කැමරාවෙ යන්න පුලුවන් අඩුම ISO අගය. බොහෝ වෙලාවට Landscape Photography වලදි Exposure එක Control කරන්නෙ Shutter Speed එක සහ Aperture අගය වෙනස් කිරීමෙන්. ඒකෙනුත් 80% අවස්තාවන් වල ඒ කාරණය සිද්ද වෙන්නෙ Shutter Speed එක පමණක් වෙනස් කිරීමෙන්. මොකද ඕනම ලෙන්ස් එකකට ආවේනික Sharp Aperture අගයක් තියනව, ඉතින් බොහෝ අවස්තා වල එම Sharp Aperture එක සහ අඩුම ISO අගය ස්තීරව තියාගෙන පවතින ආලෝක තත්වයට අනුව Shutter Speed එක පමණක් වෙනස් කරමින් ෆොටෝ ගන්න කියන එක තමයි දෙන්න පුලුවන් හොදම උපදේශය. ඉතින්, Landscape Photography වලට මාකට් එකේ තියන හොඳම ISO Performance තියන කැමරාව ඕන නෑ.

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

තවත් කාරණයක් තමයි ලෙන්ස් එක. හැම වෙලාවෙම නවකයෙක්ට ලබාදෙන්න පුලුවන් හොඳම උපදේශයක් තමයි හොඳ ලෙන්ස් එකකට ඉන්වෙස්ට් කරන්න කියන එක. ඒක පොඩ්ඩක්වත් වැරදි උපදේශයක් නෙමෙයි. ඒත් Professional Level එකක ලෙන්ස් එකක් ඉතාම මිල අධිකයි. ගොඩක් අයට පටන් ගන්න කොටම එහෙම ලෙන්ස් එකකට යන්න ආර්තික හැකියාවක් නෑ. හැබැයි ඒක මානසිකව වැටෙන්න ඕන කාරනාවක් නෙමෙයි. ඔයාලගෙ කැමරාවට එන Kit ලෙන්ස් එකකිනුත් ඉතාම හොඳ ෆොටෝ ගන්න පුලුවන්. බොහෝ දෙනෙක්ට ෆොටෝ එකක් Kit ලෙන්ස් එකකින් ගත්ත එකක්ද Pro ලෙන්ස් එකකින් ගත්ත එකක්ද කියල හිතා ගන්න බෑ. ඒක නිසා පටන් ගැන්මෙදි ඒ කාරණාව ගැන එච්චර වොරි වෙන්න එපා. මම මෙතන දාල තියන හැම ෆොටෝ එකක්ම අරගෙන තියෙන්නෙ Canon 18-135mm Kit ලෙන්ස් එක යූස් කරල. ඉතින් තමන්ගෙ කැමරාවත් එක්ක එන කිට් ලෙන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

Long Exposure Seascape Photography, Achintha Dahanayake

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

Landscape Photography පටන් ගන්න අය, ඔලුව කරදර කර ගන්න තවත් කාරණාවක් තමයි ND Filters, CPL Filters මිලදී ගන්න එක. High End Brand Name එකක Starter Filter Kit එකක් ගන්නත් රුපියල් 100,000/- ට ආසන්න මුදලක් යනව. මේකට විසඳුම මොකක්ද?  විසඳුම තමයි, දැන් වෙළඳපලේ ගුණත්වයෙන් ඉහල, මිලෙන් අඩු ND Filters, CPL Filters ගන්න තියනව. (උදාහරණයක් විදියට නම් සඳහන් කලොත්, K&F, Zomei Filters). මම මේ සියලුම ෆොටෝස් අරගෙන තියෙන්නෙ Zomei ND Filters යූස් කරල. ඔව්, මේ ෆිල්ටර්ස් වල යම් Color Cast එකක් එනව. ඒක ඉතා සුළු වෙලාවකින් Post Processing වලදි නිවැරදි කර ගන්න පුලුවන්. වැදගත්ම දේ, තමන්ගෙ ෆිල්ටර් එකේ එන්නෙ මොන වගේ Color Cast එකක්ද කියල දැනගෙන ඉන්න එක. එතකොට ඉතාම ඉක්මනින් ඒ Color Cast එක නිවැරදි කර ගන්න පුලුවන්. ලෝකෙ ජනප්‍රියම Lee Filter එකේ පවා Color Cast එකක් එනව. ඒක නිවැරදි කරන එක අමාරු කාරණාවක් නෙමෙයි.

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

Canon 60D | 18-135mm Kit Lens | Zomei ND Filters

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අතේ තියන සේරම වියදම් කරල හොඳම කැමරාවක් අරගෙන, Landscape Photography වලට අත්‍යවශ්‍යම අනික් Accessories ටික ගන්න බැරුව වද වෙනවට වඩා, අතේ තියන ගානෙන් Basic Landscape Photography Kit එකක් (Camera, Lens, Tripod and Filters) හදා ගෙන Landscape Photography වලදි Filter යූස් කරන විදිය, Long Exposure Techniques, Bracketing කරන විදිය, Exposure Blending කරන විදිය වගේ Landscape Photography වලදි ඕන වෙන තාක්ෂණික කාරණා හරියට ඉගෙන ගන්න. ඊට පස්සෙ කවද හරි Professional Level කැමරාවක් ගන්න වෙලාව එද්දි, ඔයාට Landscape Photography හොඳට පුලුවන් වෙලා තියෙයි. 

මේකෙ සාරාංශය තමයි, Landscape Photography වලට හොඳම කැමරාවක් කියල දෙයක් නෑ, තියෙන්නෙ ඔයාගෙ අතේ තියන ගානට ඔයාට ගන්න පුලුවන් හොඳම තීරණය මොකද්ද කියන එක විතරයි

ඉතින්, හිතන්න.. ආයෙ මේ වගේ ලිපියකින් හමුවෙමු.

ඉහත සඳහන් සියලුම කාරණා Landscape Photography සඳහා පමණක් අදාල වන බව කරුණාවෙන් සලකන්න. 

මගේ Instagram එක Follow කරන්න achintha_dahanayake

Facebook Page එක Like කරන්න Achintha Dahanayake

Previous
Previous

Star Trail ෆොටෝ එකක් ගන්නෙ කොහොමද?

Next
Next

Minimal Landscape ෆොටෝ එකක් ගන්න ක්‍රම 5ක්