Minimal Landscape ෆොටෝ එකක් ගන්න ක්‍රම 5ක්

Fujifilm X-T3 | Fujinon 10-24 f4 | Zomei ND

Fujifilm X-T3 | Fujinon 10-24 f4 | Zomei ND

ලස්සන Seascape එකක් / Landscape එකක් Compose කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනව.

1. ෆොටෝ එකේ අදහසට, තේමාවට බාධාවක් නොවී, පුලුවන් තරම් එලිමන්ට්ස් Composition එකට ඇතුලු කර ගන්න එක.

2. ෆොටෝ එකේ අදහසට, තේමාවට බාධාවක් නොවී, පුලුවන් තරම් එලිමන්ට්ස් Composition එකෙන් අයින් කරන එක.

මම මෙතනින් තෝර ගන්නෙ දෙවෙනි ක්‍රමය. මම හැම වෙලාවෙම බලන්නෙ පුලුවන් තරම් මගේ Composition එක Minimal කර ගන්න. මම විශ්වාස කරන විදියට ඒ වගේ Minimal කොම්පොසිශන් එකකට පුලුවන් චායාරූපය නරබන කෙනාගෙ මනස සාමකාමී නිස්කලංක Mood එකකට ගෙනියන්න. ඔයාලත් කැමතිනම් Minimal Composition අත්හදා බලන්න, මේ ලිපිය දිගටම කියවන්න. Minimal Composition එකක් කර ගන්න ඕන කරන මූලික කාරනා 5ක් මම කියන්නම්.


01. ලස්සන Scenery එකක් දැක්කම කලබල වෙන්න එපා

Fujifilm X-T3 | fujinon 56mm f1.2 | Zomei ND

Fujifilm X-T3 | fujinon 56mm f1.2 | Zomei ND

ඉන්න මම පහදන්න. අපි ෆොටෝ එකක් ගන්න ලස්සන Location එකකට ගියාම අපි හැම වෙලාවෙම ට්‍රයි කරන්නෙ ඒ සීනරි එකෙන් පුලුවන් තරම් ප්‍රමාණයක් කැප්චර් කර ගන්න. පාට පාට වලාකුලු එක්ක, ඉර බහින වෙලාවක, පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ. කාටද පුලුවන් එහෙම ලස්සනක් ෆොටෝ ගහන්නෙ නැතුව ඉන්න, නේද? මම දන්නව ඒක, මොකද කාලයක් මමත් එහෙමයි. මම සෑහෙන්න ට්‍රයි කලා ඒ ඩිසයර් එකෙන් එලියට එන්න. මම ඔයාලටත් කියන්නෙ, ඒ ඩිසයර් එකෙන් එලියට එන්න ට්‍රයි කරන්න. ආයෙ ඒ වගේ ලොකේශන් එකකට ගියාම, මුලු සීන් එකම කැප්චර් කරන්න යන්නෙ නැතුව, ඒකෙන් පොඩි ඒරියා එකක් තෝර ගන්න. සමහර විට ඒක මුහුදෙ තියන, එහෙම නැත්තන් වෙරළෙ තියන පොඩි කලුගල් කෑල්ලක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් කඳු පන්තියක පොඩි කොටසක් වෙන්න පුලුවන්. ඒ වගේ සිම්පල් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඒක පොටෝ ගහන්න. ඉර බැහැගෙන යද්දි, අහස ලස්සන වෙද්දි හිතෙයි මොන මෝඩ කමක්ද කර ගත්තෙ කියල. ඒක ඉවසගෙන තෝරගත්ත Composition එකේම එල්ලිල ඉන්න.


02. වර්ණ ප්‍රභේධනය (Color Variation එක ) අඩු වෙන තරමට හොදයි

Fujifilm X-T3 | Fujinon 35mm f1.4 | Zomei ND

Fujifilm X-T3 | Fujinon 35mm f1.4 | Zomei ND

මම කලින් කිව්ව වගේ, Composition එක Minimal වෙන එක වැදගත් වගේම, වැදගත් වෙන තව දෙයක් තමයි Color Palette එක. හැබැයි මේක අපේ පාලනයේ තියන දෙයකට වඩා සොබාදහම විසින් තීරණය කරන දෙයක්. නමුත් නිවැරදි වේලාවන් තෝරා ගන්න එක අපිට අයිති දෙයක්. චායාරූප ශිල්පීන් විදියට අපි හරිම කැමතියි Sunset/Sunrise එක වර්ණවත් වෙනවනම්. දේදුනු පාට වලාකුලු තියනවනම්. මටත් ඔය අශාව ඔය විදියටම තිබ්බ. ඒත් ක්‍රමයෙන් මම තේරුම් ගත්ත වලාකුලු නැති අහසක් තියන අවස්තාවක හරිම ලස්සන මිනිමල් ඡායාරූප ගැනීමේ හැකියාව තියනව කියන එක. ඒ වගේ වටපිටාවක්, ඡායාරූපයට අමුතුම නිස්කලංක බවක් එකතු කරනව. ඔයාලත් ආයෙ ෆොටෝ එකක් ගන්න ගියාම, හිස් අහසක් තියන වෙලාවක කණගාටු වෙන්න හෝ ෆොටෝ ගැහිල්ල නවත්තල දාල අකුලන් යන්න එපා. දිගටම ෆොටෝ ගන්න. Result එක ගැන ඔයාලටම පුදුම හිතෙයි.


03. දීර්ඝ අනාවරණයක් (Long Shutter Speed ) එකක් යූස් කරන්න. 

Fujifilm X-T3 | Fujinon 10-24 f4 | Zomei ND

Fujifilm X-T3 | Fujinon 10-24 f4 | Zomei ND

දීර්ඝ අනාවරණ කාලයක් බාවිතා කරද්දි වතුර මතුපිට හා සුලං වැඩි අවස්තා වල වලාකුලු වල, ලස්සන සිල්කි මටසිලිටු ස්වරූපයක් එනව. Minimal Landscape/Seascape ඡායාරූප ශිල්පීන් අතර, මේක ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වගේම ඉතා සර්ථක ක්‍රමයක්. මේකෙදි වතුර මතුපිට හා වලාකුලු වල ඇතිවෙන මටසිලිටු ස්වභාවය නිසාම ඡායාරූපට අමුතුම සන්සුන් ස්වභාවයක් එක් වනවා වගේම එමගින් ජලයේ හා වලාකුලු වල ඇති Details නැතිවී යාම නිසා කලබල ස්වරූපය නැතිවී ඡායාරූපය Minimal කිරීමට උදව් වෙනව.


04. වයිඩ් ලෙන්ස් එකටම හිර වෙලා ඉන්න එපා.

Fujifilm X-T3 | Fujinon 100-400 f4.5-5.6

Fujifilm X-T3 | Fujinon 100-400 f4.5-5.6

Landscape Photography කරන අය හරිම කැමතියි Wide Angle, Ultra Wide Angle Lens යූස් කරන්න. එහෙම පුරුදු වුනොත් වෙන්නෙ අගනා ඡායාරූප අවස්තාවන් අපිට මග ඇරිල යන එක. Wide Lens එකෙන් මිදිල Long Focal Length එකක් තියන Lens එකක් යූස් කරල බලන්න. Long Lens එකක් යූස් කලාම අපිට පුලුවන් ෆ්‍රේම් එකට අනවශ්‍ය දේවල් ඉවත් කරල අවශ්‍යම කරන එලිමන්ට්ස් කීපයක් විතරක් ඉතුරු වෙන විදියට Composition එක සෙට් කර ගන්න. හැබැයි Long Focal Length එකක් යූස් කරද්දි Depth of Field එක Compress වෙනව. ඒ ගැන සැලකිලිමත් වෙන්න.


05. ෆොටෝ එක Black & White කරල බලන්න.

Fujifilm X-T3 | Fujinon 10-24 f4 | Zomei ND

Fujifilm X-T3 | Fujinon 10-24 f4 | Zomei ND

Black & White ඡායාරූපකරණය කියන්නෙ ලේසි කටයුත්තක් නෙමෙයි. ඒකට ලොකු හික්මීමක් වගේම ලොකු පුරුද්දක් පුහුණුවක් අවශ්‍යයි. දක්ශ ඡායාරූප ශිල්පියෙක්ට ශටර් එක ක්ලික් කරන්න කලින්ම අවසන් ප්‍රථිපලය උපකල්පනය කරන්න, අනුමාන කරන්න හැකියාවක් තියනව. ඔහුට/ඇයට ඉතාම වර්ණවත් අවස්තාවක් උනත් කලු සුදු ලෙස මනසින් දකින්න හැකියාව තියනව. මම මේ අදහස් කරන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අවලස්සන ඡායාරූපයක් Black & White කලා කියල ඒක හොද ෆොටෝ එකක් වෙන්නෙ නෑ. මම මේ අදහස් කරන්නෙ අපි Composition එක ගැන කොච්චර සැලකිලිම්ත් වෙලා, වස්තූන් සංවිධානය ගැන ඉතාම සැලකිලිමත් වෙලා ඉතාම Minimal ඡායාරූපයක් ග්‍රහණය කර ගත්තත්, අපිට අවසන් ප්‍රථිපලය ගැන කිසිම විදියකට සෑහීමකට පත් වෙන්න බැරි අවස්තාවන් එනව. සමහරවිට ඒකට හේතුව ඡායාරූපය තුල ඉතා කලබලකාරී ආකාරයකට වර්ණ විසිරී තිබීම නිසා වෙන්න පුලුවන්. අන්න ඒ වගේ වෙලාවක, ෆොටෝ එක පැත්තකට දාන්නෙ නැතුව, ඒක Black & White කරල බලන්න. සමහර වෙලාවට ඔයා මෙච්චර වෙලා නොදැකපු ලස්සනක් ඒ ෆොටෝ එකෙන් මතු වෙන්න පුලුවන්.

මම මේ ඉහලින් සඳහන් කලේ, Minimal Landscape / Seascape කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඒක ලේසි වෙන්න, අනුගමනය කරන්න පුලුවන් මූලික කරුණු 5ක් පමණයි. විශිෂ්ඨ ඡායාරූපයක් පිටිපස්සෙ මීට වඩා කාරනා ගොඩක් තියනව. නිතර පුහුණුවත් එක්ක මේ කාරණා ඔයාලටම තේරෙන්න ගනියි. එතකන් හොදට මේක පුරුදු පුහුණු වෙන්න. නිරන්තර පුහුණුව ඔබව දක්ශ ඡායාරූප ශිල්පියෙක් කරයි. ඉතින් මේ ඉහලින් සඳහන් කාරණා ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියනවනම් අහන්න. ආයෙත් තව මේ වගේම බ්ලොග් එකකින් හම්බෙනකම්, සියලු දෙනාට ජය!

Follow me on Instagram and Facebook








Previous
Previous

Landscape Photography පටන් ගන්න හොදම කැමරාව මොකද්ද?

Next
Next

Simple Exposure Blending සිංහලෙන්