Free Download කර ගන්න පුලුවන් RAW Processing Software 5ක්

Software වල අධික මිල නිසා සහ Pirated Copy Download කරන්න/Use කරන්න සෑහෙන කාලෙක ඉදල අපි පුරුදු වෙලා ඉන්න නිසා, සල්ලි දීල Software එකක් යූස් කරන්න බහුතරයක් මැලි කමක් දක්වනව. Photography ෆීල්ඩ් එකෙත් තත්වය ඕකම තමයි. Professionally Photography කරන කෙනෙක්නම්, Photo Editing සොෆ්ට්වෙයා එකක Subscription Plan එකකට යන එක එච්චර අමාරු දෙයක් වෙන්න බෑ. හැබැයි බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් අටවන් කැමරාවක් අරන් විනෝදෙට Photography කරන කෙනෙක්ට, ලංකාව වගේ රටක ආර්ථික තත්වයත් එක්ක Editing සොෆ්ට්වෙයා එකකට අවුරුද්දකට විසි තිස්දාහක් වියදම් කරන එක පොකට් එකට වගේම හිතටත් ටිකක් අමාරු වැඩක්. ඉතින් Photoshop, Lightroom තමයි එකම එක කියන මතේ ඔලුවෙන් අයින් කර ගත්තොත්, වැඩේ හොදටම කර ගන්න පුලුවන් නොමිලේම Download කර ගන්න පුලුවන් ඉතා ඉහල මට්ටමේ Software ඉන්ටනෙට් එකේ තියනව. ඉතින් මේ ලිපියෙන් මම කෙටි හැදින්වීමක් කරන්න යන්නෙ එහෙම නොමිලේම ගන්න පුලුවන් RAW Processing Software 5ක් ගැන.


01. Dark Table

මේක Open Source Software එකක්. ඒ කියන්නෙ Coding, Programming ගැන දැනුමක් තියනවනම් ඔයාට උනත් මේ සොෆ්ට්වෙයාර් එකට ෆීචර්ස් ඇඩ් කර ගන්න පුලුවන්. User Interface එක ගොඩක් දුරට Adobe Lightroom වලට සමානයි, ඒත් Lightroom තරම් User Friendly නෑ. Lightroom තරම් නැති උනත් මේ සොෆ්ට්වෙයාර් එකෙත් RAW Processing කරන්න අවශ්‍ය විශාල ෆීචර්ස් ප්‍රමාණයක් අඩංගු කරල තියෙනව. (Tethering පහසුකම ඇතුලුව.) YouTube එකේ මේ Software එක ගැන Tutorials තියනව. මුදලක් වැය වෙන්නෙ නැති නිසා Download කරල ට්‍රයි කරල බලන්න. පහල තියන Link එකට ගිහිල්ල Windows, Mac OS, Linux Operating System තුනටම Download කර ගන්න පුලුවන්. සල්ලි වලට ගන්න Lightroom වලට Fuji X-Trans RAW File එකක් හරියට Open කර ගන්න බැරි වෙද්දි, මේ Free සොෆ්ට්වෙයා එක කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වැඩේ හරියට කරනව.

Download DarkTable

02. RawTherapee

rawtherapee-01.jpg
rawtherapee-02.jpg

මේකත් Open Source Software එකක්. User Interface එක යම් දුරකට Capture One Software එකට සමාන කමක් තියනව. හැබැයි Capture One, Lightroom වලට වඩා ඉතා විශාල Features ප්‍රමාණයක් තියනව. ඒ නිසාම යූස් කරද්දි ඉතා සංකීර්ණ බවක් දැනෙනව. ඒත් Tutorials කීපයක් බැලුවම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. Capture One, Lightroom Software එක්ක Compare කරද්දි RAW Therapee එකේ Advantages වගේම Disadvantages තියනව. (Lightroom, CaptureOne වල තියන සමහර Main Features මේකෙ නැහැ) Download කරල යූස් කරල බලන්න. මේ වගේ Software එකක් නොමිලේ ලැබෙන එක ගැන ඔයාලට පුදුම හිතෙයි. Lightroom වගේ නෙමෙයි,  Fuji X-Trans RAW Files වලටත් ඉතාම හොදින් සපෝට් කරනව. පහල තියන Link එකට ගිහිල්ල Windows, Mac OS, Linux Operating System තුනටම Download කර ගන්න පුලුවන්. 

Download RAWTherapee

03. Capture One Express

Medium Format කැමරා වලට ජනප්‍රිය PhaseOne එකෙන් Develop කරන, RAW Processing වලට ලෝකෙ ජනප්‍රියම Software එකක් තමයි Capture One Pro කියන්නෙ. (විශේෂයෙන්ම Sony හා Fujifilm යූස් කරන අය අතර) එකවර මිලදී ගත්තත්, Monthly Subscription Plan එකකට ගියත් මේක කෙනෙකුට මිල අධික ඔප්ශන් එකක්. ඒකට විසදුමක් එයාලම දීල තියනව. ඔයා යූස් කරන්නෙ Fujifilm හෝ Sony කැමරාවක්නම්, ඒ කැමරාවටම වෙන් වුන Capture One Express Version එක නොමිලේම එයාලගෙ වෙබ්සයිට් එකෙන් Download කර ගන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නෙ සයිට් එකට ගිහින්, ඔයාට අවශ්‍ය Version එක තෝරල, Register උනාම දෙන License Key එක සොෆ්ට්වෙයා එක Download වෙලා Install කරද්දි යූස් කරන එක. මේකෙ තියන වාසිය තමයි Capture One එකේ තියන විශිෂ්ඨ RAW Processing තාක්ෂණය නොමිලේම ලැබෙන එක (Pro Version එකේ තියන සියලුම ඔප්ෂන් නොලැබුණත් Raw Processing වලට අවශ්‍ය ප්‍රදානම Features ටික මේ Free Version එකෙත් තියනව) අවාසිය තමයි, මේක Fujifilm, Sony කියන Brand දෙකට විතරක් තියන ඔප්ශන් එකක් වීම. පහල තියන Link එකට ගිහිල්ල Windows, Mac OS Operating System දෙකටම Download කර ගන්න පුලුවන්.

Download Capture One Express

04. FastStone Image Viewer

Screenshots-02.jpg

මේක RAW Processing Software එකකට වඩා Photo Organizing Software එකක්. ඒත් මේකෙ Basic Raw Processing කර ගන්න පුලුවන් Features එකතු කරල තියනව. Shadow & Highlight Adjust කර ගන්න, Contrast, Saturation වෙනස් කර ගන්න, Clone ටූල් එකක්, Healing Brush එකක්, Crop Tool එකක් වගේම Image Resize කරගන්න, Text ඇඩ් කර ගන්න වගේ දේවලුත් කරන්න පුලුවන් ඉතාම User Friendly, ඕනම කෙනෙකුට ඉක්මනින්ම තේරුම් ගන්න පුලුවන් Software එකක්. හැබැයි මේක Windows Operating System එකට විතරක් එන Software එකක්. Fujifilm X-Trans RAW ෆයිල් වලටත් හොදින් සපෝට් කරනව. පහල තියන Link එකට ගිහිල්ල මේ Software එක Download කර ගන්න පුලුවන්.

Download FastStone Image Viewer

05. Ashampoo Photo Optimizer 2020 ( V1.8.0)

photo-optimizer.jpg

මේකත් Basic RAW Processing කර ගන්න පුලුවන් Software එකක්. Ashampoo සයිට් එකට ගිහින් Email එකකින් Register වෙලා මේක Download කර ගන්න පුලුවන්. මම ඉහලින් සදහන් කරපු Software වලට වඩා Ashampoo Photo Optimizer එක මෙමරි යූස් කරනව සහ Slow ගතියක් තියනව. (RAW Files එඩිට් කරද්දි). Photo Editing කරන්න අකමැති, එහෙම නැත්තන් වැඩි වෙලාවක් Editing Software එක්ක කාලෙ ගත කරන්න අකමැති කෙනෙක්ට මේකෙ Auto Optimize Option එකක් තියනව. ඒකෙන් ඉතාම සාර්ථක Result එකක් ගන්න පුලුවන්. මේකත් Windows Operating System එකේ විතරක් යූස් කරන්න පුලුවන් Software එකක්. Fujifilm X-Trans RAW ෆයිල් වලටත් හොදින් සපෝට් කරනව. පහල තියන Link එකට ගිහිල්ල මේ Software එක Download කර ගන්න පුලුවන්.

Download Ashampoo Photo Optimizer


ඉහත ලිපියෙන් මගේ අරමුණ වුනේ Lightroom, Photoshop වලට අමතරව RAW Process කර ගන්න පුලුවන් Free Software තියනව කියන එක පෙන්නල දෙන්න. ඔයාලට මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් පහල තියන මගේ Instagram එකට DM කරන්න. අනික් අයටත් බලන්න මේක Share කරන්න. Photography වලට වැදගත් වෙන තවත් ලිපියකින් ඉදිරියේදී හමුවෙමු. ස්තූතියි.

www.instagram.com/ad_fineart
www.instagram.com/achintha_dahanayake

Previous
Previous

Simple Exposure Blending සිංහලෙන්

Next
Next

ගැලපෙන FILM කැමරාවක්